spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවකයින්ට අනිද්දා සිට ඇඟිල්ල තැබීම අනිවාර්ය කෙරේ

රාජ්‍ය සේවකයින් ලබන සඳුදා (15) සිට සේවයට වාර්තා කිරීමේ දී සහ පිටවීමේ දී ඇඟිලි සලකුණ සටහන් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් වන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ සභා අමාත්‍යාංශය විසින් සියලුම ආයතන ප්‍රධානීන් වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

කොවිඩ් වසංගතය ඇතුළු විවිධ දුෂ්කරතා හේතුවෙන් රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීමේ චක්‍රලේඛ කිහිපයක් නිකුත් කරමින් සහන ලබාදී තිබුණා.

එම සහන ලබාදීමට නිකුත් කළ චක්‍රලේඛ අහෝසි කරමින් මෙම නව චක්‍රලේඛ නිකුත්කිරීමටයි ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතුකර ඇත්තේ.

මේ අතර ලක්ෂ 17ක් වන රාජ්‍ය සේවකයින් නඩත්තු කිරීම සඳහා වසරකට රුපියල් ට්‍රිලියන 1.4 ක මුදලක් වය කිරීමට සිදුවන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

එලෙස වැය කෙරෙන මුදලට සාපේක්ෂව ඔවුන්ගෙන් රටට සහ ජනතාවට සැබෑ ප්‍රතිලාභයක් හිමිවනවා ද යන්න පිළිබඳව සිතිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
8
+1
60
+1
8
+1
4
+1
13
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?