ජනක ඉවත් කරන යෝජනාව 24 වනදා විවාදයට

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව ලබන 24 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අද(11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි.

ජනක රත්නායක මහතා, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක්ද විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පෙරේදා (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.