ජනපතිගේ නිවසට ගිනි තැබූ අයෙක් රිමාන්ඩ්

සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන සුජිත් චන්දන කුමාර නැමැත්තා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුඅත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සැකකරු මූලික වී සිදු කළ උද්ඝෝණය කැරැල්ලක් බවට පත් වූ බවත් දේපළවලට හානි සිදු කරමින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙක් වෙමින් රාජ්‍ය නිලධාරීන්ට බාධා කර අයුතු ඇතුළු වීම වැනි වැරදි ගණනාවක් සිදු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

ජනාධිපතිවරයාගේ නිවසට ගිනි තැබූ දිනයේ මෙම සැකකරු ගිනි නිවන හමුදාවට සහ ත්‍රිවිධ හමුදා නිලධාරින්ට එම ස්ථානයට පැමිණීමට ඉඩ නොදී අවහිර කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56