AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිගේ නිවසට ගිනි තැබූ අයෙක් රිමාන්ඩ්

සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන සුජිත් චන්දන කුමාර නැමැත්තා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුඅත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සැකකරු මූලික වී සිදු කළ උද්ඝෝණය කැරැල්ලක් බවට පත් වූ බවත් දේපළවලට හානි සිදු කරමින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙක් වෙමින් රාජ්‍ය නිලධාරීන්ට බාධා කර අයුතු ඇතුළු වීම වැනි වැරදි ගණනාවක් සිදු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

ජනාධිපතිවරයාගේ නිවසට ගිනි තැබූ දිනයේ මෙම සැකකරු ගිනි නිවන හමුදාවට සහ ත්‍රිවිධ හමුදා නිලධාරින්ට එම ස්ථානයට පැමිණීමට ඉඩ නොදී අවහිර කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුණාත්මක බෙහෙත් ගේන ක්‍රියාවලිය - සම්පූර්ණයෙන් වට්ටලා තිබ්බේ
04:49
Video thumbnail
Breaking news 🛑ඊයේ රාත්‍රීයේදී ඊශ්‍රායලයෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාරයක් #breakingnews #israel
02:16
Video thumbnail
බය වෙන්න එපා මේ රට අපි හදනවා - "මේක සෙල්ලමක් නෙවෙයි" #hariniamarasooriya #npp #akd
06:34
Video thumbnail
කයිය ගහපු තරම් ආණ්ඩු කරන එක ලේසි නෑ#anurakumaradissanayake #akd #npp
02:08
Video thumbnail
ලෝක ණයගැති ලැයිස්තුවෙන් ලංකාව ඉවත් වුණේ රනිල් වික්‍රමසිංහ නිසා #ranilwickremesinghe
01:27
Video thumbnail
ලංකාව සුරක්ෂිතයි - එන්න ලංකාවට / මනූෂ ආණ්ඩුවට රිදෙන්න කිව්ව සැර කතාව #npp #akd
03:07
Video thumbnail
ශ්‍රී ලංකාව ආරක්ෂිතයි ද? - යුරෝපීය සංචාරකයින් ලංකාවට එන්න බියක්...
01:42
Video thumbnail
ඔබේ වචනයකින් කාගෙවත් හිතක් රිද්දන්න හිතන්නවත් එපා
04:27
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47

?