රටවල් සහ අගනුවරවල් විනාඩි 4 කින් නිවැරදිව සිතියමක පෙන්වන පෙර පාසල් හපනෙක්(ඡායාරූප)

ලෝකයේ රටවල් 195 ක් සහ එම රටවල් වල අගනුවරවල් 195 නම් නොකල ලෝක සිතයමක විනාඩි 04 කින් නිවැරදිව පෙන්වන්නට හැකි අවුරුදු හතරක් වූ පෙර පාසල් සිගිත්තෙක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.

2018 මැයි මස 20 දින උපන් වයස අවුරුදු හතරක් වූ නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප්‍රදේශයේ වතුයායේ පදිංචි කුමාරවේල් කලානේෂන් සෙල්වරාජ් ලලිදාම්බිගෙයි යුවලට දාව කාලානේෂන් යන පිරිමි දරුවා වයස අවුරුදු දෙකේ සිටම සිතියම් වල ලෝකේ තියෙන රටවල් හඳුනා ගැනීමට ඇති හැකියාව ප්‍රගුණ කළ බවත් , මේ වන විට ආසියානු වාර්තාවක් සඳහා පුහුණු කළ බවත් ආසියානු වාර්තාවක් පිහිටීමෙන් අනතුරුව ගිනස් ලෝක වාර්තාවකට අයදුම් කිරීමට අපේක්ෂාවෙන් දරුවාව පුහුණු කරන බවත් දෙමාපියන් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

වැඩිදුර අදහස් දැක්වූ දෙමව්පියන් කියා සිටියේ වතු කම්කරු පවුල්වලින් සමන්විත තම ගම්මානයේ මෙවන් දක්ෂතාවක් ඇති දරුවෙකු බිහිවීම දෙමාපියන් වශයෙන් අපට ආඩම්බරයක් , අපි ඒ ආඩම්බරය නිහතමානීව විඳිනවා වගේම අපේ ගමේ හැම දරුවෙක්ම දක්ෂතා වලින් පිරිපුන් ළමුන් බවට පත් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා ,
අපි වතුකර ජනතාව නිසා අපිට මේ වාර්තාවන් පිහිට වන ක්‍රමවේදවල් හරියට දන්නෙ නැහැ ,
කාගේ හරහාද මේවා කරන්න ඕන කොහොමද යන්න ඕන කියන එක අපිට පැහැදිලි කරලා දීලා අපේ දරුවට යන්න ඕන මාර්ගය හදල අවශ්‍ය උපදෙස් ලබා දෙන්න ඕන කියලා අපි රජයෙන් ඉල්ලනවා ,
අපි දරුවා පුළුවන් උපරිමයෙන් ම පුරුදු පුහුණු කරලා කන්ද උඩරට නුවරඑළිය නගරයට වගේම රටටත් ආඩම්බර එකතු කරමින් ගිනස් වාර්තාවක් ලංකාවට අරන් එන එක තමයි අපේ අරමුණ බව ඔවුන් පැවසීය.

මේ වන විට ආසියානු වාර්තාවක් සඳහා දරුවා ඉදිරිපත් කිරීමට අයදුම්පත් භාර දී ඇති අතර අදාල තරගාවලිය සඳහා කොන්දේසීන් හා නීති පිළිබඳ උපදෙස් ට දරුවා වෙත ලැබී ඇති බවයි දෙමව්පියන් දන්වා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සභාපති වූ ඉරාන් ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ..අපි ආවේ දේශපාලනයක් කරන්න නෙවෙයි
03:26
Video thumbnail
උමන්දාවේ අලුත්ම වැඩේ බලන්න ගිය හිටපු ජනපති මහින්ද.."පවතින රජයෙන් කිසිම සහයක් අපිට නැහැ"
03:59
Video thumbnail
සජිත්ගේ බිරිඳ ජලනි සජබ මැයි රැළිය ගැන පූර්ණ අධීක්ෂණයක් කරන හැටි..විපක්ෂ නායක ගැම්මට එන හැටි
02:33
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04
Video thumbnail
ආණ්ඩුව බැලුවේ පාලු ගෙදර වළං බිඳින්න..චාමර සම්පත් ගැම්මට කිව්ව කතාව
02:28
Video thumbnail
රට හොරුන්ට බාරදීපු තත්ත්වය හෙළිකරනවා හෙට..දැවැන්ත මැයි රැලිය හෙට l Ajith Perera
01:36
Video thumbnail
කුඩා දරුවෙකු හා කතක් රෝහල් ගත කළ බස් රථ අනතුර
00:25
Video thumbnail
ඉරාන් ඇතුළු සෙට් එක වැඩ භාරගන්න පැමිණෙන අයුරු
01:27