වී වගාවට යූරියා භාවිතයේ දී සියයට 65ක් අපතේ යාම ගැන වාර්තාවක් ඉල්ලයි

වී වගාව සඳහා යොදන යූරියා පොහොරවලින් සියයට 65ක් අපතේ යන බවත්, වී වගාවේ දී ඵලදායි වන්නේ යොදනු ලබන පොහොරවලින් සියයට 35ක ප්‍රමාණයක් බවටත් ඇතැම් පාර්ශ්ව විසින් ඉදිරිපත් කර ඇති මතය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කර එහි සත්‍යතාවයක් ඇත්ද යන්න සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද (10) නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සමග අපනයන කෘෂිකාර්මික බෝග ප්‍රවර්ධනය පිළිබඳව පැවති සාකච්ඡාවකදී යි මාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත්තේ.

විශේෂයෙන් යුරෝපා සංගමයට අයත් රටවල්, චීනය, ඉන්දියාව මෙන්ම වියෙට්නාමය වැනි රටවල වී වගාව සඳහා යූරියා පොහොර භාවිතා කරන ප්‍රමාණයන් පදනම් කර ගනිමින් අදාළ වාර්තාවක් සකස් කරන ලෙසත්, පොහොර යෙදීම සම්බන්ධයෙන් පළවී තිබෙන එම මතයෙහි සත්‍යතාවයක් පවතින්නේ ද යන්න විමර්ශනය කර බලන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

දැනට රටේ යූරියා පොහොර ප්‍රමිතිය සළකා බැලීමේ දී බයියුරේට් ප්‍රතිශතය 01ට වඩා අඩු පොහොර පමණක් වී වගාව සඳහා යොදා ගැනීමටයි නිර්දේශ කර ඇත්තේ.

නමුත් චීනය, මහා බ්‍රතාන්‍ය මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය පවා යූරියා පොහොරවල බයියුරේට් ප්‍රතිශතය සලකන්නේ 1.5ට වැඩි ප්‍රමාණයකින්.

එමනිසා දැනට අපේ රටේ භාවිතා කරන පොහොරවල ප්‍රමිතිය ආරක්ෂා කර ගනිමින් වගාවන් සඳහා යොදන යූරියා පොහොරවලින් සියයට 100ක්ම වඩාත් ඵලදායිව යොදා ගැනීම සඳහා විද්වත් කමිටුවක නිර්දේශ ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?