වී වගාවට යූරියා භාවිතයේ දී සියයට 65ක් අපතේ යාම ගැන වාර්තාවක් ඉල්ලයි

වී වගාව සඳහා යොදන යූරියා පොහොරවලින් සියයට 65ක් අපතේ යන බවත්, වී වගාවේ දී ඵලදායි වන්නේ යොදනු ලබන පොහොරවලින් සියයට 35ක ප්‍රමාණයක් බවටත් ඇතැම් පාර්ශ්ව විසින් ඉදිරිපත් කර ඇති මතය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කර එහි සත්‍යතාවයක් ඇත්ද යන්න සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද (10) නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සමග අපනයන කෘෂිකාර්මික බෝග ප්‍රවර්ධනය පිළිබඳව පැවති සාකච්ඡාවකදී යි මාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත්තේ.

විශේෂයෙන් යුරෝපා සංගමයට අයත් රටවල්, චීනය, ඉන්දියාව මෙන්ම වියෙට්නාමය වැනි රටවල වී වගාව සඳහා යූරියා පොහොර භාවිතා කරන ප්‍රමාණයන් පදනම් කර ගනිමින් අදාළ වාර්තාවක් සකස් කරන ලෙසත්, පොහොර යෙදීම සම්බන්ධයෙන් පළවී තිබෙන එම මතයෙහි සත්‍යතාවයක් පවතින්නේ ද යන්න විමර්ශනය කර බලන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

දැනට රටේ යූරියා පොහොර ප්‍රමිතිය සළකා බැලීමේ දී බයියුරේට් ප්‍රතිශතය 01ට වඩා අඩු පොහොර පමණක් වී වගාව සඳහා යොදා ගැනීමටයි නිර්දේශ කර ඇත්තේ.

නමුත් චීනය, මහා බ්‍රතාන්‍ය මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය පවා යූරියා පොහොරවල බයියුරේට් ප්‍රතිශතය සලකන්නේ 1.5ට වැඩි ප්‍රමාණයකින්.

එමනිසා දැනට අපේ රටේ භාවිතා කරන පොහොරවල ප්‍රමිතිය ආරක්ෂා කර ගනිමින් වගාවන් සඳහා යොදන යූරියා පොහොරවලින් සියයට 100ක්ම වඩාත් ඵලදායිව යොදා ගැනීම සඳහා විද්වත් කමිටුවක නිර්දේශ ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56