දික්කසාද බිරිඳ අනියම් බිරිඳව ඝාතනය කරලා

පාදුක්ක, වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ දී කාන්තාවකගේ ගෙළ කපා ඝාතනය කර පලායමින් සිටි එකම පවුලේ සහෝදරයෙකු සහ සහෝදරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව මොවුන් අද (09) දහවල් අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලීසිය පවසන්නේ.

වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත පෙ⁣දරේරුවෙකු සමග ජීවත් වූ කාන්තාවක් මෙලෙස ඝාතනය කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාව අදාළ පෙදරේරුවාගේ දික්කසාද බිරිඳවන අතර, අනෙක් පුද්ගලයා ඇයගේ සහෝදරයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

පෙදරේරුවා දික්කසාද වීමෙන් පසු ඝාතනයට ලක්වූ කාන්තාව සමඟ දිවිගෙවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පෙදරේරුවා අද (09) උදෑසන නිවසින් පිටව ගිය පසු සැකකරු සහ සැකකාරිය ඔහු පදිංචිව සිටි කුලී නිවසට පැමිණ ඇති අතර, අනතුරුව නිවසේ රැඳී සිටි අනියම් බිරිඳ නිවසින් පිටතට ගෙන්වා ගෙන තියුණු ආයුධයකින් ගෙළ කපා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක්වූ කාන්තාව වලස්මුල්ල, කටුවන, අළුපොත්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි තැනැත්තියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
2
+1
5
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?