දික්කසාද බිරිඳ අනියම් බිරිඳව ඝාතනය කරලා

පාදුක්ක, වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ දී කාන්තාවකගේ ගෙළ කපා ඝාතනය කර පලායමින් සිටි එකම පවුලේ සහෝදරයෙකු සහ සහෝදරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව මොවුන් අද (09) දහවල් අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලීසිය පවසන්නේ.

වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත පෙ⁣දරේරුවෙකු සමග ජීවත් වූ කාන්තාවක් මෙලෙස ඝාතනය කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාව අදාළ පෙදරේරුවාගේ දික්කසාද බිරිඳවන අතර, අනෙක් පුද්ගලයා ඇයගේ සහෝදරයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

පෙදරේරුවා දික්කසාද වීමෙන් පසු ඝාතනයට ලක්වූ කාන්තාව සමඟ දිවිගෙවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පෙදරේරුවා අද (09) උදෑසන නිවසින් පිටව ගිය පසු සැකකරු සහ සැකකාරිය ඔහු පදිංචිව සිටි කුලී නිවසට පැමිණ ඇති අතර, අනතුරුව නිවසේ රැඳී සිටි අනියම් බිරිඳ නිවසින් පිටතට ගෙන්වා ගෙන තියුණු ආයුධයකින් ගෙළ කපා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක්වූ කාන්තාව වලස්මුල්ල, කටුවන, අළුපොත්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි තැනැත්තියක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16