කළුතර 16 හැවිරිදි සිසුවියගේ අභිරහස් මරණයට තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ තාවකාලික නවාතැන්පොළක පස් මහල් ගොඩනැගිල්ලක තුන්වන මහළින් ඇද වැටී අභිරහස් ලෙස සිසුවියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 16 හැවිරිදි සිසුවිය සහ සමඟ තාවකාලික නවාතැන්පොළට ආ අනෙක් තිදෙනා පැමිණීමට කුලී පදනම මත ලබාගත් මෝටර් රථයේ රියදුරා බවයි වාර්තා වන්නේ.

සිසුවියගේ මරණයෙන් පසු මේ වනවිට සැඟව සිටින තරුණයා සිද්ධිය සිදුවීමෙන් පසු පළාගොස් ඇත්තේ ද මෙම මෝටර් රථයෙන් බවයි අනාවරණය වී ඇත්තේ.

සිසුවියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වනවිට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර සිසුවිය සමඟ තාවකාලික නවාතැන්පොළට පැමිණි අනෙක් තරුණයා සහ තරුණිය ද වනවා.

පෙරේදා (06) පස්වරුවේ තරුණ යුවළක් සහ තරුණයෙකු සමඟ 16 හැවිරිදි සිසුවිය අදාළ නවාතැන්පොලට පැමිණ තිබූ බවයි කරුණු අනාවරණය වුණේ.

පසුව සිසුවියගේ සිරුර නවාතැන්පොළ පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ වැටී තිබියදි පුද්ගලයෙකු විසින් දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබෙනවා.

එය සොයා ගැනීමට ටික වෙලවකර පෙර සිසුවිය සමඟ නවාතැන්පොළට ආ තරුණ යුවළ එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා පිටව ගිය පසුවයි මේ වනවිට සැඟව සිටින අනෙක් තරුණයා නවාතැන්පොළෙන් පිටව ගොස් ඇත්තේ.

සිසුවිය සහ මෙම පිරිස පෙරේදා (06) පස්වරුවේ අදාළ නවාතැන්පොළට පැමිණ එහි කාමර දෙකක් වෙන්කරවාගෙන ඇති බවයි තොරතුරු අනාවරණය වුණේ.

එලෙස කාමර දෙකක් වෙන්කගත ඔවුන් එක් කාමරය සිය මත්පැන් පානය කරන අයුරු තාවකාලික නවාතැන්පොළේ සේවකයෙකු දැක තිබුණා.

අදාළ සිසුවියට නවාතැන්පොළට පිවිසීමට වයස බාධාවක් වන බැවින් වෙනත් අයකුගේ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඊට පිවිස ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කළුතර පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
45
+1
46
+1
30
+1
88
+1
27
+1
48
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?