කළුතර 16 හැවිරිදි සිසුවියගේ අභිරහස් මරණයට තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ තාවකාලික නවාතැන්පොළක පස් මහල් ගොඩනැගිල්ලක තුන්වන මහළින් ඇද වැටී අභිරහස් ලෙස සිසුවියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 16 හැවිරිදි සිසුවිය සහ සමඟ තාවකාලික නවාතැන්පොළට ආ අනෙක් තිදෙනා පැමිණීමට කුලී පදනම මත ලබාගත් මෝටර් රථයේ රියදුරා බවයි වාර්තා වන්නේ.

සිසුවියගේ මරණයෙන් පසු මේ වනවිට සැඟව සිටින තරුණයා සිද්ධිය සිදුවීමෙන් පසු පළාගොස් ඇත්තේ ද මෙම මෝටර් රථයෙන් බවයි අනාවරණය වී ඇත්තේ.

සිසුවියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වනවිට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර සිසුවිය සමඟ තාවකාලික නවාතැන්පොළට පැමිණි අනෙක් තරුණයා සහ තරුණිය ද වනවා.

පෙරේදා (06) පස්වරුවේ තරුණ යුවළක් සහ තරුණයෙකු සමඟ 16 හැවිරිදි සිසුවිය අදාළ නවාතැන්පොලට පැමිණ තිබූ බවයි කරුණු අනාවරණය වුණේ.

පසුව සිසුවියගේ සිරුර නවාතැන්පොළ පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ වැටී තිබියදි පුද්ගලයෙකු විසින් දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබෙනවා.

එය සොයා ගැනීමට ටික වෙලවකර පෙර සිසුවිය සමඟ නවාතැන්පොළට ආ තරුණ යුවළ එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා පිටව ගිය පසුවයි මේ වනවිට සැඟව සිටින අනෙක් තරුණයා නවාතැන්පොළෙන් පිටව ගොස් ඇත්තේ.

සිසුවිය සහ මෙම පිරිස පෙරේදා (06) පස්වරුවේ අදාළ නවාතැන්පොළට පැමිණ එහි කාමර දෙකක් වෙන්කරවාගෙන ඇති බවයි තොරතුරු අනාවරණය වුණේ.

එලෙස කාමර දෙකක් වෙන්කගත ඔවුන් එක් කාමරය සිය මත්පැන් පානය කරන අයුරු තාවකාලික නවාතැන්පොළේ සේවකයෙකු දැක තිබුණා.

අදාළ සිසුවියට නවාතැන්පොළට පිවිසීමට වයස බාධාවක් වන බැවින් වෙනත් අයකුගේ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඊට පිවිස ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කළුතර පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14