ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජපානයේ සහාය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සඳහා ජපානයද සිය සහය පළ කරන බව ජපාන මුදල් අමාත්‍ය සූනිචි සුසුකි මහතා පවසනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩල රැස්වීමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අනාගත ණය අර්බුද වළක්වා ගැනීම සඳහා, ණය දත්ත විනිවිදභාවය සහ නිරවද්‍යතාවය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බවයි.

COVID-19 වසංගතය සහ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම මධ්‍යයේ ණය අවදානම් සම්බන්ධයෙන් අඩු සහ මධ්‍යම ආදායම් ලබන ජාතීන් මුහුණ දෙන ඉහළ අවදානම ජපාන මුදල් අමාත්‍ය වරයා මෙහිදී සිය අවධානයට යොමු කර තිබෙනවා.

මුදල් අමාත්‍ය Shunichi Suzuki පැවසුවේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් බාහිර සාධක හේතුවෙන් ණය අවදානම් සම්බන්ධයෙන් ඉහළ අවදානම් තත්ත්වයක පවතින බවයි.

එබැවින් ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය හිමියන් සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් දියත් කිරීමට ඉන්දියාව සහ ප්‍රංශය ගත් පියවර ඔහු පිළිගෙන තිබෙනවා.

අප්‍රේල් මාසයේදී ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීම සඳහා ද්විපාර්ශ්වික ණය හිමියන් අතර සාකච්ඡා සඳහා පොදු වේදිකාවක් ප්‍රකාශයට පත් කළා.

ජපාන මුදල් අමාත්‍යවරයා පැවසුවේ සාකච්ඡා ක්‍රියාවලිය ආරම්භ කිරීම ඓතිහාසික ජයග්‍රහණයක් බවයි.

මෙම වසරේ G7 සභාපති ධුරය ද හොබවන ජපානය විසින් කරන ලද මුලපිරීම, ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර රැස්වීම් මාලාවක් ආරම්භ කිරීම අරමුණු කර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10