Empty Ad
Empty Ad
 Empty Ad

නීතිඥවරයකුගේ සුරූපී බිරිඳත් එක්ක මුහුණු පොතෙන් පැවැත්වූ හාදකම් අවසන් වු තැන

මුහුණු පොත මගින් හඳුනාගත් නීතිඥවරයකුගේ ලාබාල සුරූපී බිරිඳ සමඟ හිතවත්කමක් පවත්වා ඇය මීගමුව නගරය වෙත පැමිණි අවස්ථාවේ ඇය මෝටර් රථයකින් පැහැර ගෙන යෑමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඞ් භාරයේ පසු වූ තරුණ මෝටර් රථ කාර්මිකයා දැඩි ඇප කොන්දේසි සහිතව රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇප දෙකක් මත රිමාන්ඞ් භාරයෙන් මුදාහැර තිබෙනවා. සැකකරු වූ පැරණි මෝටර් රථ නවීකරණය කිරීමේ ශිල්පියකු වන මීගමුව කුරණ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් .

සැකකරු සහ නීතිඥවරයාගේ රූමත් බිරිඳ මුහුණ පොත පරිහරණයට දැඩි කැමැත්තක් දක්වන අතර මුහුණු පොත මගින් කාර්මික ශිල්පියා නීතිඥවරයාගේ තරුණ බිරිඳ හඳුනාගෙන තිබෙනවා. ඇය අවශ්‍යතාවක් සඳහා මීගමුව නගරයට පැමිණි අවස්ථාවේදී එහි පැමිණි සැකකරු මෝටර් රථයකින් ඇය පැහැර ගෙන යාමට තැත්කළ බව පැමිණිල්ලේ සදහන්. මේ සම්බන්ධ වැඩිදුර පරික්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?