ඉන්දියාව ලොව උසම දුම්රිය පාලම ඉදිකරයි –  අයිෆල් කුළුණටත්  වඩා මීටර් 35ක් උසයි

ජම්මු සහ කාශ්මීර කලාපයේ චෙනාබ් ගඟට ඉහළින් මීටර් 359 උසින් ලොව උසම දුම්රිය පාලම ඉදිකිරීමේ ගෞරවය දිනා ගන්නට  ඉන්දියාවේ ඉංජිනේරුවරුන් සමත් වී තිබෙනවා.

මෙලෙස ඉදිකරන ලද චෙනාබ් දුම්රිය පාලම අයිෆල් කුළුණට වඩා මීටර් 35 ක් පමණ උසින්  යුතු බවයි පැවසෙන්නේ.

2023 දෙසැම්බර් මස අග හෝ 2024 ජනවාරි මාසය වන විට මෙම පාලම නරඹන්නන් සඳහා විවෘත කරන බව ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය පවසනවා.

මීටර 1,315ක් දිග පාලම සැලකෙන්නේ ඉන්දීය දුම්රිය ජාලය මගින් කාශ්මීර නිම්නය වෙත ප්‍රවේශ විය හැකි පුළුල් ව්‍යාපෘතියේ කොටසක් ලෙසයි.

චේනාබ් දුම්රිය පාලම සහ පුළුල් දුම්රිය සම්බන්ධතා ව්‍යාපෘතිය සමාජ ඒකාබද්ධතාව සහ දේශපාලන බලපෑම් සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ප්‍රබල මෙවලමක් වන බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

කාශ්මීරය  සෙසු ප්‍රදේශ සමඟ සම්බන්ධ කරන එකම ගොඩබිම් මාර්ගය වන වංගු සහිත කිලෝමීටර් 300 දිගින් යුතු ශ්‍රීනගර්-ජම්මු ජාතික අධිවේගී මාර්ගයේ නිතර රිය අනතුරු වාර්තා වන අතර ශීත ඍතුවේදී එහි කොටසක් වසා දැමීමටද සිදුවනවා.

එබැවින් මෙම දුම්රිය මාර්ගය සැලකෙන්නේ කාශ්මීරය ඉන්දියාවට ඒකාබද්ධ කිරීමේ මාධ්‍යයක් ලෙසයි.

මෑත ඉතිහාසයේ ඉන්දියාවේ ඕනෑම දුම්රිය ව්‍යාපෘතියක් මුහුණ දුන් විශාලතම සිවිල් ඉංජිනේරු අභියෝගය බවට පත්ව  තිබුණේද මෙම  දුම්රිය පාලම ඉදි කිරීමේ කාර්යයි.

මාර්ගය හරහා ගමන් කිරීමේදී පැය 12 ක් ගතවන කාලය දුම්රිය මාර්ගයේ මාර්ගයේ ඉදිකිරීමෙන් පසු අඩකින් අඩු වනු ඇති බවට විශ්වාසය පළ වනවා.

පාලමේ සුවිශේෂී ලක්ෂණ ඇතුළත් කරමින් ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය පැවසුවේ පාලම පැයට කිලෝමීටර 266 දක්වා ඉහළ සුළං වේගයකට ඔරොත්තු  දීමේ හැකියාවකින් යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහැර අස්සේ බස් එකක් අසල සෙට් එකකට ගුටි පූජාවක් - බස් එකේ යන්නෙත් නෑ හු##
02:12
Video thumbnail
අපිට හෙට ගෙදර ගියත් ටී.බී.සරත් තමයි..ඊට වඩා දෙයක් නෑ - සරත් වේදිකාවේ සංවේදී වෙයි
04:27
Video thumbnail
කිඹුලෙක් අව්ව තපිමින් ඉන්න හැටි ? කොහොමද ඉන්න අමුත්තා ?
01:03
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු ? - වෙළඳසැලක මුදල්වලට ෂොට් එක දෙන්න ගිය හැටි
01:59
Video thumbnail
මහ ලොකු හරක්කටා අඬලා කියන්නේ දැන් - පාතාලය මෙහෙයවපු හැටි ඔක්කොම දන්නවා
05:39
Video thumbnail
ටී.බී. සරත් විපක්ෂයට රිදෙන්නම දෙයි - එළියේ ඉන්න බඩුටික වෙව්ල වෙව්ල ඉන්නේ..බඩු හම්බෙනවා දැන්
05:12
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32