සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පුන් පොහොය අදයි

සිදුහත් කුමරුගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය බෞද්ධ ජනතාව විසින් මෙලෙස සමරනු ලැබෙනවා.

මෙරට ප්‍රධානතම ආගමික හා සංස්කෘතික සැමරුම ලෙස සැලකෙන වෙසක් මංගල්‍යය වසර ගණනාවකට පසු සුපුරුදු පරිදි සැමරීමට මෙරට ජනතාවට මෙවර අවස්ථාව උදා වී තිබෙන අතර, 2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසු ඇති වූ තත්ත්වය සහ 2020 හා 2021 වසරවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ජනතාවට සුපුරුදු පරිදි වෙසක් වත්පිළිවෙත් ඉටුකිරීමේ අවස්ථාව වැළකී ගියේය.

වෙසක් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකාවාසී බෞද්ධ බැතිමත්හු විවිධ ආගමික වැඩසටහන් සිදු කරන අතර කොළඹ නගරය සහ ඒ අවට ප්‍රධාන නගර ආශ්‍රිතව දර්ශණීය තොරණ, පහන් කූඩු, දන්සල්, ශීල වැඩසටහන් ඇතුළුව ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වීමට සූදානමින් සිටින බවයි වාර්තාවන්නේ.

මේ අතර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්තානවල ආගමික වැඩසටහන් සංවිධානය කර ඇති අතර, රට පුරා දන්සැල් ද සංවිධානය කර තිබෙනවා.

දිවයිනේ ඇතැම් ප්‍රදේශය වලට අද (05) උදෑසන කාලයේ සිට ඇද හැලෙන අධික වර්ෂාවන් ද නොතකා බෞද්ධ ජනතාව වෙහෙර විහාරස්ථාන වෙත පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46