සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පුන් පොහොය අදයි

සිදුහත් කුමරුගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය බෞද්ධ ජනතාව විසින් මෙලෙස සමරනු ලැබෙනවා.

මෙරට ප්‍රධානතම ආගමික හා සංස්කෘතික සැමරුම ලෙස සැලකෙන වෙසක් මංගල්‍යය වසර ගණනාවකට පසු සුපුරුදු පරිදි සැමරීමට මෙරට ජනතාවට මෙවර අවස්ථාව උදා වී තිබෙන අතර, 2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසු ඇති වූ තත්ත්වය සහ 2020 හා 2021 වසරවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ජනතාවට සුපුරුදු පරිදි වෙසක් වත්පිළිවෙත් ඉටුකිරීමේ අවස්ථාව වැළකී ගියේය.

වෙසක් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකාවාසී බෞද්ධ බැතිමත්හු විවිධ ආගමික වැඩසටහන් සිදු කරන අතර කොළඹ නගරය සහ ඒ අවට ප්‍රධාන නගර ආශ්‍රිතව දර්ශණීය තොරණ, පහන් කූඩු, දන්සල්, ශීල වැඩසටහන් ඇතුළුව ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වීමට සූදානමින් සිටින බවයි වාර්තාවන්නේ.

මේ අතර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්තානවල ආගමික වැඩසටහන් සංවිධානය කර ඇති අතර, රට පුරා දන්සැල් ද සංවිධානය කර තිබෙනවා.

දිවයිනේ ඇතැම් ප්‍රදේශය වලට අද (05) උදෑසන කාලයේ සිට ඇද හැලෙන අධික වර්ෂාවන් ද නොතකා බෞද්ධ ජනතාව වෙහෙර විහාරස්ථාන වෙත පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?