නව ප්‍රවණතාවක් ගැන අධිකරණයේදී අනාවරණයක්

නිත්‍යානුකූල ලෙස අත්අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයින් අධිකරණය හමුවට පැමිණ එය වළක්වා ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම නව ප්‍රවණතාවයක් බවට පත්ව ඇති බවත් ඒ තුළින් අපරාධ විමර්ශන ක්‍රියාදාමයට බාධා එල්ල වී තිබෙන බවත් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික පශු සම්පත් මණ්ඩලයේ පොළොන්නරුව ගොවිපොළේ වැඩබලන කළමනාකාරවරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී යි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මේ බව සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණවලින් නියෝග නිකුත් කරනු ලබන පුද්ගලයින් අභියාචනාධිකරණය හමුවට පැමිණ එය වළක්වා ගැනීමට කටයුතු කිරීම නව ප්‍රවණතාවයක් බවට පත්ව තිබෙන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙහිදී පෙන්වා දුන්නා.

අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය නීති විරෝධී නම් ඊට එරෙහිව ගත හැකි නීතිමය ප්‍රතිකර්ම රැසක් ඇති අතර ඒවා අනුගමනය නොකොට මෙවැනි ක්‍රියාමාර්ග වලට එළඹීම සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බව ද ඇය සඳහන් කර තිබෙනවා.

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ මෙවැනි පෙත්සමක් ඉදිරිපත් වූ විට ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට අධිකරණයට සිදුවන බවයි.

මීළඟ දින පෙත්සම සලකා බලන තෙක් පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබා දිය හැකි දැයි මෙහිදී සභාපති විනිසුරුවරයා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ගෙන් විමසා සිටියා.

එවිට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවේ තමන්ට එවැනි ප්‍රතිඥාවක් ලබා දිය නොහැකි බවයි.

කෙසේ වෙතත් ලබන 09 වනදා දක්වා පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කළා.

එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ පොළොන්නරුව අඩවි වන නිලධාරියා, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් ඇතුළු පිරිසක් වෙත නොතිසි නිකුත් කිරීමට ද අධිකරණය නියෝග කරනු ලැබුවා.

පෙත්සම ඉදිරිපත් කළ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පොළොන්නරුව ගොවිපොළේ වැඩ බලන කළමනාකරු අජිත් ද සිල්වා මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ අලි අගලක් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වග උත්තරකරුවන් විසින් තමන්ට එරෙහිව පුරාවිද්‍යා පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගෙන ඇති බවයි.

පුරාවිද්‍යා පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබාගැනීමට අඩවි වන නිලධාරීන්ට බලයක් නොමැති බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

එබැවින් තමන් අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව නීතියට පටහැනි බවත් ඒ අනුව අදාළ වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42