ප්‍රගීත් එක්නැළිගොඩ නඩුව කල්යයි – පැමිණිල්ලට නීතිඥවරුන් නැහැ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ජූනි මස 26 වනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

මෙම නඩුව අද දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී සභාපති විනිසුරු සංජීව මොරායස් මහතා අද දින නිවාඩු ලබා සිටින බැවින් අද දින නඩු විභාගයට සහභාගී නොවන බවයි සාමාජික විනිසුරු දමිත් තොටවත්ත මහතා නිවේදනය කළේ.

එම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

විනිසුරු දමිත් තොටවත්ත මහතා සඳහන් කළේ මෙම නඩුව අද පස්වරු 1.30ට කැඳවීමට නියමිතව තිබූ බවයි.

පස්වරු 2.00ට නඩුව කැඳවූ අවස්ථාව වන විටත් පැමිණිල්ල මෙහෙයවන නිලධාරීන් අධිකරණයට පැමිණ නොමැති බවත් විනිසුරුවරයා සටහන් කළා.

ඉන් අනතුරුව විත්තියේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත නඩු විභාගය ජුනි මස 26 වනදා දක්වා කල් දැමූ විනිසුරු මඩුල්ල මේ පිළිබඳව පැමිණිල්ලේ නීතිඥවරුන්ට දන්වා යවන ලෙසත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා.

2010 වසරේ ජනවාරි මස මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ගිරිතලේ යුද හමුදා කඳවුරේ රඳවා තබා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරීන් ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26