ඉන්දු චීන ආරක්ෂක අමාත්‍යවරු කලකට පසු හමු වෙයි

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සමගාමීව එම සංවිධානයේ සාමාජික රටවල ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත් වී තිබෙනවා.

කසකස්තානය, ඉරානය, තජිකිස්තානය සහ චීනය යන රටවල නියෝජිතයින් සහ ඉන්දීය මධ්‍යම රජයේ ආරක්ෂක අමාත්‍යවරයා අතර මෙම හමුව පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

මෙම හමුවේදී ද්විපාර්ශ්වික ආරක්‍ෂාව සම්බන්ධ ගැටළු සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන අනෙකුත් කරුණු අමාත්‍යවරුන් විසින් සාකච්ඡා කර තිබෙනවා.

ගල්වාන් ප්‍රදේශයේ දේශසීමා උල්ලංඝණය වීමෙන් පසු චීන ආරක්ෂක අමාත්‍යවරයා සංචාරයක නිරත වූ ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.

ඉන්දීය-චීන බලකායේ අණදෙන නිලධාරී මට්ටමේ රැස්වීමේ 18 වැනි වටය චීන  චුෂුල්-මෝල්ඩෝ දේශසීමා රැස්වීම් ස්ථානයේ දී පසුගියදා පවත්වා තිබුණා.

එහිදී වැඩි අවධානයක් යොමුවී තිබුණේ ඉන්දු-චීන දේශ සීමාවේ බටහිර අංශයේ භූමියේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳවයි.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ 2023 වසරේ සමුළුව ඉන්දීය  සභාපතිත්වය යටතේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙවර එහි තේමාව වී ඇත්තේ ෂැංහයි සහයෝගීතා සහයෝගීතා සංවිධානය ආරක්ෂා කරගමු යන්නයි.

ෂැංහයි සහයෝගිතා සංවිධානය යනු 2001 දී පිහිටුවන ලද අන්තර් රාජ්‍ය සංවිධානයක්.

ඉන්දියාවට අමතරව කසකස්තානය, චීනය, කිර්ගිස්තානය, පකිස්ථානය, රුසියාව, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල් ඊට ඇතුළත්.

සාමාජික රටවලට අමතරව නිරීක්ෂක රටවල් දෙකක් වන බෙලරුස් සහ ඉරානය ද ෂැංහයි සහයෝගීතා සංවිධානයේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?