ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන් අතර පළමු ස්ථානය සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හිමිව ඇති බව ෆෝබ්ස් සඟරාව වාර්තා කර තිබෙනවා.
මෙලෙස වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයා බවට පත්වුණේ 2023 වසරේදී සෞදි අරාබියේ අල් නසාර් පාපන්දු ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගත වීමෙන් පසුවය.
ෆෝබ්ස් සඟරාව නිකුත් කළ ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ අර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක මෙසී පසුවන අතර තුන්වන ස්ථානයේ පසුවන්නේ ප්‍රංශ පාපන්දු ක්‍රීඩක කිලියාන් ම්බාපේය.
පසුගිය මාස 12 තුළ රොනාල්ඩෝගේ ආදායම ලෙස සටහන් වන්නේ ඩොලර් මිලියන 136 ක් වන අතර සුපිරි ක්‍රීඩක මෙසීගේ පසුගිය මාස 12 තුළ ආදායම ලෙස දැක්වෙන්නේ ඩොලර් මිලියන 130කි.




