සිසුවෙක් කළ වෙඩි තැබීමකින් සිසුන් 8ක් ජිවිතක්ෂයට

සර්බියාවේ, මධ්‍යම බෙල්ග්‍රේඩ්හි ප්‍රාථමික පාසැලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 8 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රහාරයෙන් තවත් සිසුන් 6 දෙනෙකු සහ ගුරුවරයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ. ඒ අතරින් ගුරුවරයාගේ තත්ත්වය බරපතල බවද සඳහන්.

අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් 14 හැවිරිදි පාසැල් සිසුවෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිසුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ නිලධාරීන් හිස් වැසුම් සහ වෙඩි නොවදින කබා පැළඳ පාසැල අවට ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සැකකරු විසින් සිය පියාට අයත් ගිනි අවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බවටයි එරට ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.

කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහැර අස්සේ බස් එකක් අසල සෙට් එකකට ගුටි පූජාවක් - බස් එකේ යන්නෙත් නෑ හු##
02:12
Video thumbnail
අපිට හෙට ගෙදර ගියත් ටී.බී.සරත් තමයි..ඊට වඩා දෙයක් නෑ - සරත් වේදිකාවේ සංවේදී වෙයි
04:27
Video thumbnail
කිඹුලෙක් අව්ව තපිමින් ඉන්න හැටි ? කොහොමද ඉන්න අමුත්තා ?
01:03
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු ? - වෙළඳසැලක මුදල්වලට ෂොට් එක දෙන්න ගිය හැටි
01:59
Video thumbnail
මහ ලොකු හරක්කටා අඬලා කියන්නේ දැන් - පාතාලය මෙහෙයවපු හැටි ඔක්කොම දන්නවා
05:39
Video thumbnail
ටී.බී. සරත් විපක්ෂයට රිදෙන්නම දෙයි - එළියේ ඉන්න බඩුටික වෙව්ල වෙව්ල ඉන්නේ..බඩු හම්බෙනවා දැන්
05:12
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32