සිසුවෙක් කළ වෙඩි තැබීමකින් සිසුන් 8ක් ජිවිතක්ෂයට

සර්බියාවේ, මධ්‍යම බෙල්ග්‍රේඩ්හි ප්‍රාථමික පාසැලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 8 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රහාරයෙන් තවත් සිසුන් 6 දෙනෙකු සහ ගුරුවරයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ. ඒ අතරින් ගුරුවරයාගේ තත්ත්වය බරපතල බවද සඳහන්.

අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් 14 හැවිරිදි පාසැල් සිසුවෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිසුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ නිලධාරීන් හිස් වැසුම් සහ වෙඩි නොවදින කබා පැළඳ පාසැල අවට ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සැකකරු විසින් සිය පියාට අයත් ගිනි අවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බවටයි එරට ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.

කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?