ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ විශේෂ වෙසක් වැඩසටහන හෙට ඇරඹෙයි

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

ජනාධිපති කාර්යාලයීය පියගැටපෙළ ඉස්මත්තේ දී හෙට (03) රාත්‍රී 7.00ට විචිත්‍රවත් භක්ති ගීත ප්‍රසංගයක් පැවැත්වෙන අතර එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සහභාගි වීමට නියමිත බවත් මැයි 04 වනදා ද එම ස්ථානයේ දී භක්ති ගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිත වන බවත් සඳහන්.

මැයි 05 වනදා සාමණේර ස්වාමින් වහන්සේලා හතළිස් නමක් සහ පාසල් දරුවන් 1200ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීම ෂැංග්‍රිලා හරිත භූමියේ ඉදිකර ඇති වේදිකාවේ දී සිදු කෙරෙන බවත් සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය සහ සිංගප්පූරුවේ විලින් හාර්ට්ස් (Wiling Hearts) පදනමේ දායකත්වයෙන් පැවැත්වෙන මහා බත් දන්සැල එදින රාත්‍රී 7.00ට ෂැංග්‍රිලා හරිත භූමියේ දී විවෘත කෙරෙන අතර එය මැයි 05 සහ 06 යන දෙදින පැවැත්වෙන බව මාධ්‍ය අංශය දන්වා සිටිනවා.

ඊට සමගාමීව තොරණ විදුලි ආලෝකය දැල්වීම සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යුද හමුදා භක්ති ගීත කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලබන භක්ති ගීත ප්‍රසංගය ෂැංග්‍රිලා හරිත භූමියේ ඉදිකර ඇති වේදිකාවේ දී මැයි 05 සහ 06 යන දෙදින පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51