මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එමින් තිබූ බීඩි කොළ තොගයක් සමඟ දෙදෙනෙක් අල්ලයි ( ඡායාරූප )

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන එමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 550 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකුව කල්පිටිය නාවුක හමුදා කදවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (01) දින අළුයම කල්පිටිය – පරාමුනේ දූපත ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනව බවයි වාර්තා වන්නේ.

කල්පිටිය නාවුක හමුදා කදවුරේ නිලධාරීන් විසින් කල්පිටිය කලපුවේ යත්‍රා කරමින් තිබූ ඩිංගි බෝට්ටුවක් නවත්වා පරීක්ෂා කිරීමේ දී එම යාත්‍රාවේ තිබී බීඩි කොළ අසුරන ලද උර 15 ක් සොයා ගෙන තිබෙන අතර එම බීඩි කොළ තොගය තම බාරයට ගෙන ඇති නාවුක හමුදා නිලධාරීන්ට කලපුවේ පා වෙමින් තිබූ තවත් බීඩි කොළ ඇසිරූ උර දෙකක් හමුවී තිබෙනවා.

බීඩි කොළ තොගය සමඟ ධීවරයින් දෙදෙනෙකුවද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කල්පිටිය – ආනවාසල පදිංචි වයස අවුරුදු 23 ක් සහ 17 ක් වන ධීවරයින් දෙදෙනෙකු බව වැටලීම කළ නිලධාරීන් පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය නාවුක හමුදා කදවුරේ නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22