මස්කෙලිය රෝහලේ රෝගියෙක් ගෙන ආ පිරිසක් යකා නටයි

මස්කෙලිය ප්‍රාදේශිය රෝහලට (07) දින රාත්‍රියේ පැමිණි පිරිසක් රාජාකාරියේ යෙදි සිටි වෛද්‍යවරයෙකුට සහ කාර්ය මණ්ඩලයේ පිරිසකට බැන තර්ජනය කර රෝහලේ ප්‍රදර්ශනය කර තිබු කොවිඩ් 19 සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් දැන්විම් පුවර ඉරා දමා ඇති බව වාර්තා වනවා.

(07) දින රාත්‍රි 11.00ට පමණ ශ්වසන ආබාධයක් සහිත රෝගියෙකු රැගෙන පිරිසක් රෝහල වෙත පැමිණි ඇති අතර පසුව එම රෝගියාව පරික්ෂා කර රෝගියාගේ රෝග ලක්ෂණ අනුව ක්ෂණිකව එම රෝගියාව දික්ඔය මුලික රෝහලට මාරු කර යවා තිබේ.

දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිනිය කියා සිටියේ රෝහල වෙත ඇතුලත් කල රෝගියා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවිමට විරෝධය පාමින් රෝහල වෙත රෝගියා සමග පැමිණි 70 පමණ පිරිසක් වෛද්‍යවරයාට සහ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කර වෛද්‍යවරයාගේ මොටර් රථයට සහ රෝහලේ ගිලන් රථයට පහර දි රෝහලේ ප්‍රදර්ශනය කර තිබු සෞඛ්‍ය ආරක්ෂිත දැන්විම් කිහිපයක්ද ඉරා ඇති බවයි.

දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවන ලද රෝගියා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බවත් , මිය ගිය රෝගියාගේ සිදු කරන ලද ඇන්ටිජන් පරික්ෂාවේදි එම රෝගියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවද දිස්ත්‍රික් වෛද්‍යවරිය පැවසිය.

මස්කෙලිය ප්‍රාදේශිය රෝහල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් ස්ථාපනය කිරිමට ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල රෝහල තුල සිදු කරන නිසා නේවාසික රෝගින් ඇතුලත් කර නොගන්නා බවත්, සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය වෙතපැමිණිල්ලක් කර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනි එල්.එල්.ආර්.අයි දිලක්ෂි මහත්මිය කියා සිටියා.

https://youtu.be/8OtlRUHeriE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?