ඉහළ දරිද්‍රතාව සහ උද්ධමනය හේතුවෙන් පාකිස්ථාන ජන ජීවිතයට දැඩි  දුෂ්කරතා

පාකිස්ථානය තුළ දැනට පවතින ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස විරැකියාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. 
ඇස්තමේන්තු අනුව රැකියා විරහිත පුද්ගලයන් සංඛ්‍යාව මිලියන පහකට  ආසන්නයි.

දරිද්‍රතාවය සහ උද්ධමනය භයානක මට්ටමකට ළඟා වී ඇති අතර, එය පකිස්ථානයේ දිළිඳු ජනගහනයේ ජීවිත අතිශයින් දුෂ්කර තත්ත්වයට පත්කර තිබෙනවා. 

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ පකිස්ථානුවන්ගෙන් බහුතරයක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන අතර, නුපුහුණු කම්කරුවන්ගෙන් සියයට 80කට මසකට රුපියල්  25,000 අවම වැටුපක් හෝ නොලැබෙන බවයි.

ඉහළ යන උද්ධමනය සහ ඉහළ යන මිල ගණන් සැලකිල්ලට ගනිමින් රජය විසින් අවම වැටුප මසකට රුපියල්  50,000 දක්වා ඉහළ නැංවිය යුතු බව පකිස්තාන කම්කරු අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේ (PILER) අධ්‍යක්ෂ උම්මාත් අලි සඳහන් කරනවා.

ලෝක බැංකුවේ වාර්තාවක් උපුටා දක්වමින් අලි වැඩිදුරටත් පැවසුවේ පකිස්ථානයේ සියයට 83කට වැඩි කුටුම්භ ප්‍රමාණයක්  දිනකට ඩොලර් 2කට වඩා අඩු ආදායමක් ලබන නමුත් ලෝක බැංකුවේ දත්ත සම්බන්ධයෙන් රජය තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

පසුගිය මාස කිහිපය තුළ  පමණක් පාකිස්ථානයේ මිලියන 5 කට රැකියා අහිමි වී තිබුණා.

පකිස්ථානයේ උද්ධමනය මාර්තු මාසයේදී සියයට 35.4ක් වූ අතර එය මිලදී ගැනීමේ ශක්තියට සැලකිය යුතු ලෙස බලපා තිබෙනවා.

පාකිස්ථානයේ  විරැකියා අනුපාතය ඉහළ යාම සහ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම යන කරුණු ප්‍රචණ්ඩත්වය, වීදි අපරාධ සහ සොරකම් වැඩි වීමට හේතුවක්  වන බවයි  වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14