නිවාස සෑදීමට සම්මාදන් කර තිබූ මුදල් ලක්ෂ 23 ක් සොරකම් කරලා

සාමණේර හිමිවරුන්ගේ දෙමව්පියන්ට නිවාස සෑදීමට නායක ස්වාමීන් වහන්සේ විසින් දායකයන්ගෙන් සම්මාදන් කර තිබූ රුපියල් ලක්ෂ 23 කට ආසන්න මුදලක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව පයාගල පොලිසිය පවසනවා.

පයාගල ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථානයක නායක හිමි නමක් ඊයේ (27) කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කල බව පොලිසිය පැවසයි.

මෙම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ විසින් ඉදිරියේ දී යෙදෙන පිරිවෙන් දිනයට සමගාමීව උන්වහන්සේ යටතේ මහණදම් පුරන නිවාස නොමැති සාමණේර භික්ෂුන් වහන්සේලාගේ දෙමව්පියන් හතර දෙනෙකු සඳහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට උන්වහන්සේ සම්මාදන් කර තිබූ මුදල් මෙසේ සොරකම් කොට ඇති බවයි වාර්තා වන්නේ.

පෙරේදා (26) රාත්‍රි විහාරාධිපති හිමියන් දේවාලයේ ආගමික වතාවත් සිදුකරන අතරතුර සොරකම සිදුව ඇති බවද දේවාලයේ ආගමික වතාවත් සිදුකරන අතරතුර ආවාසගෙයි යතුර බංකුවක් මත තිබී ඇතැයිද පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14