spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවාස සෑදීමට සම්මාදන් කර තිබූ මුදල් ලක්ෂ 23 ක් සොරකම් කරලා

සාමණේර හිමිවරුන්ගේ දෙමව්පියන්ට නිවාස සෑදීමට නායක ස්වාමීන් වහන්සේ විසින් දායකයන්ගෙන් සම්මාදන් කර තිබූ රුපියල් ලක්ෂ 23 කට ආසන්න මුදලක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව පයාගල පොලිසිය පවසනවා.

පයාගල ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථානයක නායක හිමි නමක් ඊයේ (27) කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කල බව පොලිසිය පැවසයි.

මෙම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ විසින් ඉදිරියේ දී යෙදෙන පිරිවෙන් දිනයට සමගාමීව උන්වහන්සේ යටතේ මහණදම් පුරන නිවාස නොමැති සාමණේර භික්ෂුන් වහන්සේලාගේ දෙමව්පියන් හතර දෙනෙකු සඳහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට උන්වහන්සේ සම්මාදන් කර තිබූ මුදල් මෙසේ සොරකම් කොට ඇති බවයි වාර්තා වන්නේ.

පෙරේදා (26) රාත්‍රි විහාරාධිපති හිමියන් දේවාලයේ ආගමික වතාවත් සිදුකරන අතරතුර සොරකම සිදුව ඇති බවද දේවාලයේ ආගමික වතාවත් සිදුකරන අතරතුර ආවාසගෙයි යතුර බංකුවක් මත තිබී ඇතැයිද පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?