ගම්පොල සිට ගල්බොඩ දක්වා දුම්රියෙන් ගමන් කරන අවස්ථාවේ එහි සිටි කිසිවෙකුත් ආසනයක් ලබා නොදීම පිළිබඳ ස්වාමීන් වහන්සේ නමක් තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබෙනවා.
එහි දැක්වෙන්නේ තම සොහොයුරා සමග ගමන් කරමින් සිටියදී මෙම සිදු වීමට මුහුණ දුන් බවයි.
ගමන් කරන ස්ථානය පිළිබඳ එක් කාන්තාවක් විමසීමක් කළ ද කිසිවෙකුත් තමන්ට අසුනක් පිරිනැමීමට ඉදිරිපත් නොවූ බවයි උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ.
මේ හේතුවෙන් කිලෝමීටර් 38ක පමණ දුරක් දුම්රියේ සිටගෙන ගමන් කිරීමට සිදු වූ අතර තම දෑසට ඉනූ කඳුළු යටපත් කරමින් සිහිපත් කළේ මෙරට ජනතාවගේ සදාචාරය පිළිබඳව බව මෙම ස්වාමීන් වහන්සේ පෙන්වා දෙනවා.
යළිත් ගම්පොල දක්වා පැමිණීමේදී ද දුම්රියෙන් ගමන් කළ අතර එහිදී දුම්රියේ මැදට නොගොස් එම සම්පූර්ණ ගමන දුම්රියේ දොරටුව අසල සිටගෙන පැමිණි බවයි උන්වහන්සේ ෆේස් බුක් ගිණුමේ තැබූ සටහනේ දැක්වෙන්නේ.
අදාළ සම්පූර්ණ සටහන පහතින්.

දිනය 2023/04/24
කොළඹ – බදුල්ල කෝච්චිය.
මේ සිදුවීම මට වුණු සිදුවීමක් . ගම්පොළ ඉදන් කෝච්චියට ගොඩ උනේ මමයි මල්ලියි ගල්බොඩට යන්න.
විදේශිකයන් කිහිප දෙනෙක් පමණ සිටගෙන හිටියත් අනිත් සියලුම ලංකාවේ මිනිස්සු සීට් වල ඉඳගෙනයි හිටියේ . නමුත් කිසිම කෙනෙක් සීට් එකක් දෙන්න තරම් කාරුණික උනේ නෑ 🙂 අවසානයේ කිලෝමීටර් 38 ක් පමණ පැයක් පමණ කාලයක් මේ විදියට සිටගෙනම යන්න සිද්ධ උනා 🙏
මා දුටු විගස සැවොම නොදැක්කා වගේ බිම බලාගත්තේ අසුන දෙන්නට වේයැයි සිතමින්. කිලෝමීටර් 5 ක් පමණ ගියවිට එක් අයෙක් අසුනක් දෙන්නට උත්සාහ කරත් එය මා ප්‍රතික්ෂේප කරේ එතනම අනිත් පැත්තේ කාන්තාවක් සිටි නිසයි. තව ටික දුරක් ගියවිට කාන්තාවක් මල්ලිගෙන් කොහේටද යන්නේ කියා විමසා සිටියා එවිට මල්ලි පැවසුවේ “ගල්බොඩට තව පැය භාගයක් වගේ යන්නේ ” කියායි. නමුත් ඇයද එම අසුන දෙන්නට තරම් කාරුණික නොවූ අතර තම සැමියා සමඟ මුමණමින් අහක බලා සිටියා 🙂
මේ වෙලාවේ මාගේ නෙතට ළාවට කඳුළු උණමින් සිහිපත් වූ දේ අපමණයි. ඒ සිහිපත් කරේ වෙන කුමන දෙයක්වත් නොව මිනිස්සුන්ගේ සදාචාරය ගැනයි.
ජීවිතේ පළමු වතාවට මිනිස්සු ගැන කළ කිරීමක් ඇති උනා 🙏 මාව දැක්ක හැමෝම බිම බලාගෙන නොදැක්කා වගේ රඟපෑවා තවත් සමහරු නිදි වගේ රඟපෑවා… 🙏🙂
තව යුවලක් විදේශීය කාන්තාවකට අසුනක් දුන්නා 🙂🙏
මේ ඔක්කොම පැත්තකින් තියමු තව එක කාරණයක් තියෙනවා ඒ තමා එතනම පිටිපස්සට වෙන්න “පූජ්‍ය පක්ෂයට වෙන් කර ඇත” කියා බෝඩ් එකක් ගහලා තිබිලා තියෙනවා මං දැක්කෙත් නෑ මල්ලි තමා පස්සේ කිව්වේ 🙏🙂
අහපව් ගම්පොළට එනකොටත් ආවේ කෝච්චියේමයි හැබැයි ආයේ සෙනග මැද්දට ගියේ නෑ මොකද ගියා කියලා අසුනක් දෙන්නේ නෑ කියලා කලින්ම දන්න නිසා 😁😁 ඒ නිසා ගම්පොළට එනකම්ම දොර ළඟ හිටගෙනම ආවා. මොකටද අපේ බෞද්ධ දායකයොන්ට නිකන් කරදර කරන්නේ කියලා හිතුනා … 🙏🙂
ඔව් අපිට අසුනක් ඕනි නෑ අපිටත් කකුල් පන තියෙනවා . අපිට බලෙන් අසුනක් ගන්න අවශ්‍ය නෑ 🙏 ඒත් කොහොමද අපේ මිනිස්සු කතා කරන්නේ මේක අපේ බෞද්ධ රට කියලා😁 එහෙම කියන ඈයෝ ඉන්න රටේ තමා මෙහෙම දේවල් වෙන්නේ. නමට බෞද්ධ උනාට වැඩක් නෑ ක්‍රියාවෙන් ඔප්පු කරන්න බැරිනම් 🙏
පුංචි භික්ෂූන් වහන්සේ නමකට මේ වගේ දෙයක් උනානම් සමහරවිට මහණකම ගැන පවා කළ කිරීමක් ඇති විය හැකියි. භික්ෂූන් වහන්සේලා එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා සමස්ත මහා සංඝයාම එසේයැයි සිතන මෝඩ මිනිස්සුන්ගේ ඇස් ඇරේවා 🙏නුවණ පහල වේවා 🙏 ඉන්නේ ටික දෙනයි ඒ ටිකවත් රැකගන්න වැඩ කරනවා වෙනුවට අපේ මිනිස්සු කරන්නේ ඒ ටික දෙනාටත් කළ කිරෙන්න වැඩ කරන එකයි…..
භික්ෂූන් වහන්සේ කෙනෙක්ගේ වරදක් දුටු විගස අර සම්මා මේ සම්මා ගගා ශෙයා කරන ඈයෝ මේවට කතාවක්වත් නෑ මේවා ශෙයා කරන් නෑ ඒකතමා ඇත්ත 👍🙂 කොච්චර බණ කිව්වත් වැඩක් නෑ මේ රටේ මිනිස්සුන්ගේ මනසයි හදන්න ඕනි . ඒ වගේම මෙය මේ බෞද්ධ රටේ උන පළවෙනි සිදුවීමත් නොවෙයි ඒ වගේම අවසාන සිදුවීමත් නොවේවි ….🙏🙏
” කතාවෙන් නොව ක්‍රියාවෙන් බෞද්ධකම ඔප්පු කරන මිනිස්සු සැබෑම බෞද්ධයෝ ය.”














hamuduruwanta asun denna kiyala sammathayak thibunath seat eka labunnathnam nagitala yanna kakul deka pana thiyenawane. minissu dan wel dekak saha ekai kanne . hamuduruwanta facebook eke danna tharam deyak naha. meka thama bududahama . hariyata eka nodannakama thama karume.
Thaman wahanselahgema waradithama ewata minissu pali na 👎👎👎🥴🥴🥴
බෞද්ධයෙක් වෙලත් කතාව කියවලා මට කණගාටුවක් ඇති වුනේ නැහැ. ඇයි බෞද්ධයන්ට සිවුර මේ තරම් අප්‍රිය වුනේ කියලා මහනායක වරුන්ගෙන්ම අහලා තේරුම් ගත්තා නම් යෙහෙකි.
ඔය තත්වයට ඔබ වහන්සේලා පත් කලේ තවත් නයක හාමුදුරුවරුමයි. ලඟදි හාමුදුරු නමක් සංගීත සන්දර්ශනයක් කොල්ලො එක්ක නැටුවෙ. ආසනයක් නොවේ ලඟදි දානෙත් නැති වෙයි
අපේ හාමුදුරුවනේ,තරුණ හාමුදුරුවන් ගේ හැසිරිම සහ කරන ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල තමයි මේ පල දරන්නේ. අපේ බුදු දහමට සහ සිවුරට තිබුණ ගෞරවය ගිලිහිලා යන්න කලින්.අපේ ගරුතර නායක ස්වාමින් වහන්සේලා මේ ගැන සාකච්ඡා කරලා තරුණ ස්වාමින් වහන්සේලා ගැන තීන්දුව ගත යුතුයි. අනිවාර්යෙන්ම තරුණ ස්වාමින් වහන්සේලාට පිරිවර වල පමණක් උසස් අධ්‍යාපන ලබාදිය යුතුයි.තවද ස්වාමින් වහන්සේලාට රටේ යහපත් පැවැත්මක් නැති නම් සිවුර හැර යායුතුය…..
තවද දුෂණයට රට විනාශ කිරිමට සහය දිම නොකල යුතුය අපේ මුදුන් මල්කඩ ලෙස ගරුතර මහ සංඝරත්නයට ගෞරවණීයව දොහොත් මුහුණින් වැදුම් ලබන අපේ මහ සංඝරත්නය මෙය තේරුම් ගැනිම සහ ගෞරවණීය ලෙස පැවැත්විම.ඉතා අගෙයි…
ළඟදීම දානේ ටිකත් left තමයි
If u didn’t get a seat u have to stand don’t expect privilege because u have be happe for Ur people rather than thinking for your own self it’s just u need a seat because u cannot cause Ur lazy. Next time book a first class ticket.
Now the days everyone is facing unbearable problems, they don’t care anybody accept themselves. According to the country’s environment shouldn’t expect any sympathy.