AFC Banner
Empty Ad
Empty Ad

සුළඟක් නිසා ඉන්ධන ගබඩාවක වහලය විනාශ වෙයි (ඡායාරූප)

ඊයේ ( 26) දින සවස 5.30 ට පමණ හදිසියේ හමා ගිය සුළගක් හේතුවෙන් හලාවත ප්‍රධාන මාළු අලවි සැල ආසන්නයේ පවත්වා ගෙන යන ධීවර සංස්ථාවට අයත් ඉන්ධන ගබඩාවක වහලය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා.

සුළඟට හසුවී ගසා ගෙන ගොස් ඇති වහළය ආසන්නයෙන් ස්ථාපනය කර ඇති විදුලි රැහැන් පද්ධතියක රැදී ඇති බවක්ද දක්නට ලැබී ඇති අතර මේ හේතුවෙන් 26 වැනිදා සවස සිට එම ප්‍රදේශයට විදුලි බලය විසන්ධි වී තිබෙනවා.

සුලගට ගසා ගෙන ගිය ගොඩනැගිල්ලේ සවි කර තිබූ විදුලි පංකා බිම වැටී ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ එම ගබඩාව තුළ ආරක්ෂක නිලධාරීන් සිට ඇති නමුත් ඔවුන්ට අනතුරක් සිදුවී නොමැති බවයි වාර්තා වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?