මෙම වසරේ සා.පෙළ නොපැවැත්වීමට ඩලස්ගෙන් යෝජනාවක් (වීඩියෝ)

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර අවසන් බවත් එම දිනයේ වෙනසක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කරා.

පාර්ලිමේන්තුවේ අද (25) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර මෙම වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය නොපවත්වා සියලු විභාග අපේක්ෂකයින්ට ‘උසස්පෙළ හැදෑරීම සඳහා සියලු සුදුදුකම් සපුරා ඇත’ යනුවෙන් සහතිකයක් නිකුත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද (25) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළා.

මේ අතර පාර්ලිමේන්තුවේ දී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන ප්‍රශ්න පත්‍ර 10ක ආචාර්යවරු ඊයේ (24) දිනයේ එම කටයුතු ආරම්භ කළ බවයි.

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳ කල්වේලා ඇතිව දැනුම්දෙන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස දක්වමින් සඳහන් කර සිටියා.

https://youtu.be/5JCnpwmPH4Q
  1. OKA THAMAYI MAHATHTHAYDIYUNU RATAWALA WENNE. QUESTION PAPERS NOWEYI THIYENNE ASSIGNMENTS. EXAMS NOWEYI TIIYENNE VIVA PANEL INTERVIEW.EKEN ANALYSE KARANNE UNGAWAPU THEORY MONATHARAM DURATA PRACTICLE ENVIRONMENT EKATA GELAPENA LESA APPLY KARA GANNA DAKSHA DHA KIYALA BALANA EKA. SURE NE. PILOT WENNA THEORY DANNA EKA PRACTICLE NATUWA EKA DASHAMAYAK PLAN EKA RUNWAY EKE IDHIRIYTA GENIYANNA HAKIDHA? BAHANE. RATEYI CAMPUS WADI KARALA O/L A/L DEKAMA ASSIGNEMENTS SAHA VIVA THOROUGH YAWALA ONEMA CAMPUS EKAKATA LAKUNU ANUWA DEGREE KARANNA DAMMA NAM ME RATEYI GODAK PRASHANA IWARETAMA IWARAYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51