spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙම වසරේ සා.පෙළ නොපැවැත්වීමට ඩලස්ගෙන් යෝජනාවක් (වීඩියෝ)

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර අවසන් බවත් එම දිනයේ වෙනසක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කරා.

පාර්ලිමේන්තුවේ අද (25) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර මෙම වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය නොපවත්වා සියලු විභාග අපේක්ෂකයින්ට ‘උසස්පෙළ හැදෑරීම සඳහා සියලු සුදුදුකම් සපුරා ඇත’ යනුවෙන් සහතිකයක් නිකුත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද (25) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළා.

මේ අතර පාර්ලිමේන්තුවේ දී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන ප්‍රශ්න පත්‍ර 10ක ආචාර්යවරු ඊයේ (24) දිනයේ එම කටයුතු ආරම්භ කළ බවයි.

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳ කල්වේලා ඇතිව දැනුම්දෙන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස දක්වමින් සඳහන් කර සිටියා.

https://youtu.be/5JCnpwmPH4Q
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?