AFC Banner
Empty Ad
Empty Ad

නිවසක් තුල කැපුම් තුවාල සහිත මළ සිරුරු 5ක් (වීඩියෝ සහ ඡායාරූප)

යාපනය ඩෙල්ෆ් දූපතේ නිවසක් තුල බරපතල කැපුම් තුවාල සහිතව මියගොස් සිටි 5 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

එහි සිටි බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මියගිය 5 දෙනා අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු වනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් ද නිශ්චිත තොරතුරක් මෙතෙක් හෙළිවී නොමැති අතර ඩෙල්ෆ් පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අද අලුයම කිසියම් පිරිසක් විසින් මෙම ඝාතනයන් සිදු කර ඇති බවටයි.

රෝහල් ගත කර සිටින කාන්තාව වයස අවුරුදු 100ක වයෝවෘද්ධ අයෙක් බවටයි පොලිසිය සඳහන් කළේ.

මියගිය අය අතරින් දෙදෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය බව සඳහන්.

අනෙක් තුන් දෙනා අතරින් අයෙක් ව්‍යාපාරිකයෙක් බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ. බරපතල තුවාල ලබා රෝහල් ගත කළ කාන්තාව ද විදෙස් ගතව සිට පැමිණි අයෙක්.

https://www.youtube.com/watch?v=CV9mzkzoQCg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?