නිවසක් තුල කැපුම් තුවාල සහිත මළ සිරුරු 5ක් (වීඩියෝ සහ ඡායාරූප)

යාපනය ඩෙල්ෆ් දූපතේ නිවසක් තුල බරපතල කැපුම් තුවාල සහිතව මියගොස් සිටි 5 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

එහි සිටි බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මියගිය 5 දෙනා අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු වනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් ද නිශ්චිත තොරතුරක් මෙතෙක් හෙළිවී නොමැති අතර ඩෙල්ෆ් පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අද අලුයම කිසියම් පිරිසක් විසින් මෙම ඝාතනයන් සිදු කර ඇති බවටයි.

රෝහල් ගත කර සිටින කාන්තාව වයස අවුරුදු 100ක වයෝවෘද්ධ අයෙක් බවටයි පොලිසිය සඳහන් කළේ.

මියගිය අය අතරින් දෙදෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය බව සඳහන්.

අනෙක් තුන් දෙනා අතරින් අයෙක් ව්‍යාපාරිකයෙක් බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ. බරපතල තුවාල ලබා රෝහල් ගත කළ කාන්තාව ද විදෙස් ගතව සිට පැමිණි අයෙක්.

https://www.youtube.com/watch?v=CV9mzkzoQCg


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20