ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහොයෙන් අවසන් – අවාරයේ කරුණා නොකරන්නැයි ඉල්ලීමක්

2022-2023 වසර සඳහා වූ ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති අති පුජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් පවසනවා.

උන්වහන්සේ අද මේ බව කියා සිටියේ ශ්‍රී පාද වන්දනා වාරය අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් දැනුවත් කිරිම වෙනුවෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකට එක් වෙමින්.

මෙම රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක් වූ ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් කියා සිටියේ වෙසක් පොහෝ දින අවසන් වන තෙක් ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට හැකි බවයි.

මැයි 06 වනදා ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පුජා භාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවීමට නියමිතයි.

ඒ රත්නපුර රජමාවත, රත්නපුර කුරුවිට මාර්ගය, නල්ලතන්නිය බගවන්තලාව මාර්ගය සහ නල්ලතන්නිය ලක්ෂපාන හරහා අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ යි.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානය දක්වා පෙරහැරවල් හතරකින් වැඩම කරවා එදින රාත්‍රී ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ විශේෂ පිංකම් රැසක් පවත්වන බව නාහිමියන් සඳහන් කළා.

එම පිංකම් පැවැත්වීමෙන් අනතුරුව වැඩම කරවන ලද සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පූජා භාණ්ඩ 07 වනදා අලුයම ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වන තෙක් ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබෙනු ඇති.

රටේ වැඩිම කාලයක් වන්දනා කළ හැකි එකම පූජනිය ස්ථානය ශ්‍රී පාදස්ථානය වන අතර අවාරයේදි හැටන් මාර්ගය ඔස්සේ දිවා කාලයේ පමණක් ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට වන්දනාකරුවෙකුට අවශ්‍ය නම් ඒ සඳහා නල්ලතන්නිය පොලිසියෙන් ලියාපදිංචි වී පරිසරය රැක ගනිමින් කරුණා කරන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් දැනුම් දෙනවා.

හැකිතාක් දුරට අවාරයේ දී ශ්‍රී පාදය කරුණා නොකරන ලෙසටයි උන් වහන්සේ වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ශ්‍රී පාදස්ථානය කෙන්ද්‍ර කරගනිමින් සිදු කරන සංවර්ධන කටයුතු හෝ පරිසර වැඩසටහන් තමන් ඇතුළු ඒ සඳහා පත් කර ඇති කමිටුව දැනුවත් කර සිදු කරන ලෙසට සහ එලෙස දැනුවත් කිරිමකින් තොරව කිසිදු කටයුත්තක් සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බවයි බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19