spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහොයෙන් අවසන් – අවාරයේ කරුණා නොකරන්නැයි ඉල්ලීමක්

2022-2023 වසර සඳහා වූ ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති අති පුජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් පවසනවා.

උන්වහන්සේ අද මේ බව කියා සිටියේ ශ්‍රී පාද වන්දනා වාරය අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් දැනුවත් කිරිම වෙනුවෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකට එක් වෙමින්.

මෙම රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක් වූ ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් කියා සිටියේ වෙසක් පොහෝ දින අවසන් වන තෙක් ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට හැකි බවයි.

මැයි 06 වනදා ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පුජා භාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවීමට නියමිතයි.

ඒ රත්නපුර රජමාවත, රත්නපුර කුරුවිට මාර්ගය, නල්ලතන්නිය බගවන්තලාව මාර්ගය සහ නල්ලතන්නිය ලක්ෂපාන හරහා අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ යි.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානය දක්වා පෙරහැරවල් හතරකින් වැඩම කරවා එදින රාත්‍රී ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ විශේෂ පිංකම් රැසක් පවත්වන බව නාහිමියන් සඳහන් කළා.

එම පිංකම් පැවැත්වීමෙන් අනතුරුව වැඩම කරවන ලද සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පූජා භාණ්ඩ 07 වනදා අලුයම ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වන තෙක් ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබෙනු ඇති.

රටේ වැඩිම කාලයක් වන්දනා කළ හැකි එකම පූජනිය ස්ථානය ශ්‍රී පාදස්ථානය වන අතර අවාරයේදි හැටන් මාර්ගය ඔස්සේ දිවා කාලයේ පමණක් ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට වන්දනාකරුවෙකුට අවශ්‍ය නම් ඒ සඳහා නල්ලතන්නිය පොලිසියෙන් ලියාපදිංචි වී පරිසරය රැක ගනිමින් කරුණා කරන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් දැනුම් දෙනවා.

හැකිතාක් දුරට අවාරයේ දී ශ්‍රී පාදය කරුණා නොකරන ලෙසටයි උන් වහන්සේ වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ශ්‍රී පාදස්ථානය කෙන්ද්‍ර කරගනිමින් සිදු කරන සංවර්ධන කටයුතු හෝ පරිසර වැඩසටහන් තමන් ඇතුළු ඒ සඳහා පත් කර ඇති කමිටුව දැනුවත් කර සිදු කරන ලෙසට සහ එලෙස දැනුවත් කිරිමකින් තොරව කිසිදු කටයුත්තක් සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බවයි බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?