AFC Banner
Empty Ad
Empty Ad

උෂ්ණාධික කාලගුණයෙන් අදත් දැඩි බලපෑම්

අද (21) දිනයේ දී බස්නාහිර, වයඹ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට ජනතාව අවශ්‍ය පියවර ගත යුතු බවයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

වැඩිපුර ජලය පානය කිරීම, එළිමහනේ ගැවසීමේදී සෙවන ඇති ස්ථාන තෝරා ගැනීම මෙන්ම දැඩි අව් රෂ්මිය පවතින අවස්ථාවල වෙහෙසකර රාජකාරිවල නිරතවීම අවම කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට ලබා දෙනවා.

මෙම උෂ්ණාධික කාලගුණය ලබන මස මුල් සතිය දක්වා පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර, උෂ්ණාධික කාලගුණයෙන් සතුන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ද අවදානය යොමුකළ යුතු බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?