AFC Banner
Empty Ad
Empty Ad

ඇමරිකාවේ රහසිගතව පවත්වාගෙන ගිය චීන පොලිස් ස්ථානයක් හසුවෙයි

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර රහසිගතව පවත්වාගෙන චීන ‘පොලිස් ස්ථානයක්’ වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට ෆෙඩරල් පොලිස් නිලධාරීන් සමත්වී තිබෙනවා.

එම නිලධාරීන් පෙන්වා දෙන්නේ සිය රට තුළට විහිදෙන චීන පොලිස් රාජ්‍යයේ දිගු හස්තය මෙමගින් පෙන්නුම් කරන බවයි.

අත්අඩංගුවට ගත් දෙදෙනාට අමතරව බීජිංහි නිලධාරීන් 40 දෙනෙකුට ද එරෙහිව චෝදනා ගොනු කිරීමට නියමිත බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

නිව්යෝර්ක් හි නැගෙනහිර කොටස භාර ෆෙඩරල් අභිචෝදක බ්‍රියොන් පීස් පවසන්නේ නිව් යෝර්ක් නගරයේ මධ්‍යයේ රහස් පොලිස් ස්ථානයක් පිහිටුවීමෙන් චීන රජය ඇමරිකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කර ඇති බවයි.

නඩු පැවරූ හතලිස් දෙනා අතර සිටින චීනයේ මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරීන් 34 දෙනෙකුට එරෙහිව නඩු කටයුතු මගින් චෝදනා එල්ල කර ඇත්තේ එක්සත් ජනපදයේ සිටින චීන  විරුද්ධ මත දරන්නන්ට හිරිහැර කිරීම සඳහා ජාත්‍යන්තර මර්දන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ බවටයි.

අන්තර්ජාලය හරහා විරුද්ධවාදීන් නිශ්ශබ්ද කිරීම සම්බන්ධයෙන් සෙසු නිලධාරීන් හය දෙනාට චෝදනා එල්ල වී තිබෙනවා.

විරුද්ධවාදීන් නිහඬ කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු විදුලි සංදේශ සමාගමක විධායක නිලධාරියෙකුට සහ සිවිල් වැසියෙකුට ද චෝදනා එල්ල වී ඇති බවයි ඇමරිකානු බලධාරීන් පවසන්නේ.

පෙර කියන ලද පොලිස් ස්ථානය පිහිටුවා තිබී ඇත්තේ නිව් යෝර්ක් හි චයිනාටවුන් ආසන්නයේයි. 

චීනයේ ෆුෂෝ නගරයේ මහජන ආරක්ෂක කාර්යාංශයේ දිගුවක් ලෙස පෙන්වමින් පිහිටුවා ඇති එම ස්ථානය ෆුජියන් පළාතේ සිට එන බොහෝ සංක්‍රමණිකයන්ට නිවහනක් සේම පොලිස් චීන පුරවැසියන්ට සහ චීන සම්භවයක් ඇති පුද්ගලයින්ට සේවා සපයන ආයතනයක් බවට ද පත්ව තිබුණා.

එහි සිටි පිරිසට චෝදනා එල්ල වී ඇත්තේ චීන රජයේ නියෝජිතයන් ලෙස කටයුතු කිරීම සහ පරීක්ෂණ ආරම්භ වූ විට සාක්ෂි විනාශ කිරීම යන කරුණු සම්බන්ධයෙන්.

ස්පාඤ්ඤය පදනම් කරගත් මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධානයක් වන Safeguards Defenders සංවිධානය ද චීනයේ මෙවැනි එතෙර “පොලිස් ස්ථාන” සම්බන්ධයෙන් පසුගිය වසරේ හෙළිදරව්වක් සිදුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා අශිර්වාදයෙන් හොඳම පිරිසක් සජබයෙන් පාර්ලිමේන්තු යනවා #sajithpremadasa #sjb
Video thumbnail
Breaking News🛑සිලින්ඩරය පුපුරයි - නාමයෝජනා නොලැබුණ සමන් රත්නප්‍රිය මාධ්‍ය ඉදිරියේ සංවේදී වෙයි
06:38
Video thumbnail
KASTHIRAMA |හි.පා.ම. ආශු මාරසිංහ සහ ජාතික ජන බලවේගයේ විධායක සභික නාමල් කරුණාරත්න සහභාගීවන කස්තිරම
01:38:55
Video thumbnail
හෙට අනිද්ද උත්තර දෙන්න සූධානම් - රන්ජන් ගාවට ගිය අසේල සම්පත් කාට කාටත් ඇහෙන්න දාපු සද්දේ
03:22
Video thumbnail
ගාල්ලෙන් මාලිමාවට වැඩ්ඩෝ 12ක් - කරන්න යන අලුත් පෙරළිය එළියට #npp #akd #anurakumaradissanayake
02:58
Video thumbnail
කොළොන්නාවම වසාගත් ජල රකුසා - නිවාස රැසක් ජලයෙන් යට වෙයි #climate #badweather
01:26
Video thumbnail
ඉතා කෙටි කාලයක් තුළ ජාතික ජන බලවේගයේ පිරිහීම පේනවා #sjb #akd #anurakumaradissanayake
02:22
Video thumbnail
වඩිවෙල්ට - තොණ්ඩමන්ට - දිගම්බරන්ට මාලිමාවෙන් ඇන්න ටොක්ක - මාලිමා ප්‍රබලයෙක් වතුකරයට රිංගයි
01:27
Video thumbnail
ලක් අම්මට වෙච්ච නස්පැත්තිය ගැන සජබ ප්‍රබලයෙක් කටඅරී #sajithpremadasa
03:06
Video thumbnail
Breaking News🛑ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක් #india #globalnews #breakingnews
01:07

?