ඇමරිකාවේ රහසිගතව පවත්වාගෙන ගිය චීන පොලිස් ස්ථානයක් හසුවෙයි

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර රහසිගතව පවත්වාගෙන චීන ‘පොලිස් ස්ථානයක්’ වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට ෆෙඩරල් පොලිස් නිලධාරීන් සමත්වී තිබෙනවා.

එම නිලධාරීන් පෙන්වා දෙන්නේ සිය රට තුළට විහිදෙන චීන පොලිස් රාජ්‍යයේ දිගු හස්තය මෙමගින් පෙන්නුම් කරන බවයි.

අත්අඩංගුවට ගත් දෙදෙනාට අමතරව බීජිංහි නිලධාරීන් 40 දෙනෙකුට ද එරෙහිව චෝදනා ගොනු කිරීමට නියමිත බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

නිව්යෝර්ක් හි නැගෙනහිර කොටස භාර ෆෙඩරල් අභිචෝදක බ්‍රියොන් පීස් පවසන්නේ නිව් යෝර්ක් නගරයේ මධ්‍යයේ රහස් පොලිස් ස්ථානයක් පිහිටුවීමෙන් චීන රජය ඇමරිකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කර ඇති බවයි.

නඩු පැවරූ හතලිස් දෙනා අතර සිටින චීනයේ මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරීන් 34 දෙනෙකුට එරෙහිව නඩු කටයුතු මගින් චෝදනා එල්ල කර ඇත්තේ එක්සත් ජනපදයේ සිටින චීන  විරුද්ධ මත දරන්නන්ට හිරිහැර කිරීම සඳහා ජාත්‍යන්තර මර්දන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ බවටයි.

අන්තර්ජාලය හරහා විරුද්ධවාදීන් නිශ්ශබ්ද කිරීම සම්බන්ධයෙන් සෙසු නිලධාරීන් හය දෙනාට චෝදනා එල්ල වී තිබෙනවා.

විරුද්ධවාදීන් නිහඬ කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු විදුලි සංදේශ සමාගමක විධායක නිලධාරියෙකුට සහ සිවිල් වැසියෙකුට ද චෝදනා එල්ල වී ඇති බවයි ඇමරිකානු බලධාරීන් පවසන්නේ.

පෙර කියන ලද පොලිස් ස්ථානය පිහිටුවා තිබී ඇත්තේ නිව් යෝර්ක් හි චයිනාටවුන් ආසන්නයේයි. 

චීනයේ ෆුෂෝ නගරයේ මහජන ආරක්ෂක කාර්යාංශයේ දිගුවක් ලෙස පෙන්වමින් පිහිටුවා ඇති එම ස්ථානය ෆුජියන් පළාතේ සිට එන බොහෝ සංක්‍රමණිකයන්ට නිවහනක් සේම පොලිස් චීන පුරවැසියන්ට සහ චීන සම්භවයක් ඇති පුද්ගලයින්ට සේවා සපයන ආයතනයක් බවට ද පත්ව තිබුණා.

එහි සිටි පිරිසට චෝදනා එල්ල වී ඇත්තේ චීන රජයේ නියෝජිතයන් ලෙස කටයුතු කිරීම සහ පරීක්ෂණ ආරම්භ වූ විට සාක්ෂි විනාශ කිරීම යන කරුණු සම්බන්ධයෙන්.

ස්පාඤ්ඤය පදනම් කරගත් මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධානයක් වන Safeguards Defenders සංවිධානය ද චීනයේ මෙවැනි එතෙර “පොලිස් ස්ථාන” සම්බන්ධයෙන් පසුගිය වසරේ හෙළිදරව්වක් සිදුකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05