AFC Banner
Empty Ad
Empty Ad

රක්ෂිතයක ගින්නක්

වැලිමඩ බැලුම්ගල රජයේ වන වගා රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර 20කට වැඩි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.

පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග ගින්න පැතිර යාම වේගවත් වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඊයේ (19) පස්වරුවේ ගින්න හටගෙන ඇති අතර කිසියම් අයෙකු රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි සැක කෙරෙනවා.

වැලිමඩ සානුවේ ඇතැම් පිරිස් සතුන් දඩයම් කිරීමට මෙන්ම විනෝදය සඳහා මෙලෙස ගිනි තැබීම් සිදු කරන බවටයි වාර්තා වන්නේ.

ගින්න නිවා දැමීම සඳහා කැප්පෙටිපොල පොලිසිය ප්‍රදේශවාසීන් පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දැරි පරිශ්‍රමයක් දරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?