ඉන්ධන පිරිවුම්හල් සේවකයෙකු පොලිස් අත්අඩංගුවට

පාරිභෝගිකයන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී ඉන්ධන හල වසා යතුරුපැදියේ නැඟ පිටව යාමට සූදානම් වූ පොම්පකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමන් ඉන්ධන ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ඉන්ධන ලබා නොදී පොම්පකරු ඉන්ධන හලේ විදුලිය විසන්ධි කර යතුරුපැදියේ නැඟ පිටවීමට සූදානම් වන බවට ඉන්ධනහලට යාබදව තිබෙන පොලිසිය වෙත දිව ආ පාරිභෝගිකයෙකු කරන ලද වාචික පැමිණිල්ලක් අනුවයි රථවාහන අංශයේ නිලධාරීන් ඉන්ධන හල ඉදිරිපිටට ගොස් සිදු කළ පරීක්ෂාවේ දී පොම්පකරු අධික ලෙස බීමත්ව යතුරුපැදිය පණගන්වා පිටත්ව යාමට සූදානම්ව වෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ අනුව බීමත්ව යතුරුපැදියක් පැදවීමට තැත්කළ පොම්පකරු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.

දිවා රාත්‍රි දෙකෙහිම විවෘත කර තිබිය යුතු ඉන්ධන පිරවුම්හලක් වශයෙන් නම්කර ඇති පිළියන්දල සමුපකාර ඉන්දන පිරවුම්හලෙන් නිසියාකාරව පාරිභෝගිකයන්ට සේවය ලබා ලබානොදීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණිල්ල අනුව සුළු පැමිණිලි අංශය මගින් වෙනම විමර්ශන පවත්වන බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ලබන 25 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08