spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන පිරිවුම්හල් සේවකයෙකු පොලිස් අත්අඩංගුවට

පාරිභෝගිකයන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී ඉන්ධන හල වසා යතුරුපැදියේ නැඟ පිටව යාමට සූදානම් වූ පොම්පකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමන් ඉන්ධන ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ඉන්ධන ලබා නොදී පොම්පකරු ඉන්ධන හලේ විදුලිය විසන්ධි කර යතුරුපැදියේ නැඟ පිටවීමට සූදානම් වන බවට ඉන්ධනහලට යාබදව තිබෙන පොලිසිය වෙත දිව ආ පාරිභෝගිකයෙකු කරන ලද වාචික පැමිණිල්ලක් අනුවයි රථවාහන අංශයේ නිලධාරීන් ඉන්ධන හල ඉදිරිපිටට ගොස් සිදු කළ පරීක්ෂාවේ දී පොම්පකරු අධික ලෙස බීමත්ව යතුරුපැදිය පණගන්වා පිටත්ව යාමට සූදානම්ව වෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ අනුව බීමත්ව යතුරුපැදියක් පැදවීමට තැත්කළ පොම්පකරු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.

දිවා රාත්‍රි දෙකෙහිම විවෘත කර තිබිය යුතු ඉන්ධන පිරවුම්හලක් වශයෙන් නම්කර ඇති පිළියන්දල සමුපකාර ඉන්දන පිරවුම්හලෙන් නිසියාකාරව පාරිභෝගිකයන්ට සේවය ලබා ලබානොදීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණිල්ල අනුව සුළු පැමිණිලි අංශය මගින් වෙනම විමර්ශන පවත්වන බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ලබන 25 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?