AFC Banner
Empty Ad
Empty Ad

ඉකුත් පැය 24 තුළ අධිවේගයෙන් වාර්තා ගත ආදායමක්

ඉකුත් පැය 24 තුළ අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහන වලින් රුපියල් මිලියන 35ක ආදායමක් ලැබී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වි.එස්. වීරකෝන් පවසනවා.

ඊයේ (15) පෙරවරු 6.00 සිට අද (16) පෙරවරු 6.00 දක්වා එම ආදායම ලැබී ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

එම කාලය තුළ අධිවේගී මාර්ග ඔස්සේ ගමන් පහසුව සලසාගත් වාහන සංඛ්‍යාව 126,760ක්.

දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය , කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් මෙම ආදායම ලැබී තිබෙනවා.

මෙහිදී වැඩිම වාහන සංඛ්‍යාවක් ධාවනය වී ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වි.එස්. වීරකෝන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?