ඉකුත් පැය 24 තුළ අධිවේගයෙන් වාර්තා ගත ආදායමක්

ඉකුත් පැය 24 තුළ අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහන වලින් රුපියල් මිලියන 35ක ආදායමක් ලැබී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වි.එස්. වීරකෝන් පවසනවා.

ඊයේ (15) පෙරවරු 6.00 සිට අද (16) පෙරවරු 6.00 දක්වා එම ආදායම ලැබී ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

එම කාලය තුළ අධිවේගී මාර්ග ඔස්සේ ගමන් පහසුව සලසාගත් වාහන සංඛ්‍යාව 126,760ක්.

දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය , කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් මෙම ආදායම ලැබී තිබෙනවා.

මෙහිදී වැඩිම වාහන සංඛ්‍යාවක් ධාවනය වී ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වි.එස්. වීරකෝන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17