AFC Banner
Empty Ad
Empty Ad

අද දිනයේ උණුසුම් කාලගුණය ගැන අවවාදයක්

අද දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කොළඹ, ගම්පහ, කුරුණෑගල, කිලිනොච්චි, වව්නියාව සහ මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්වල ජනතාවට විමසිලිමත් වන ලෙසටයි.

එම දිස්ත්‍රික්වල සහ පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇතිවිය හැකි අතර තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරත වීම තුලින් විජලනය සහ ලවණ ඉවත් වීම නිසා ඇති වන මස් පිඬු පෙරළීමේ තත්වයන් ඇතිවිය හැකි බවයි ජනතාවට දැනුම් දෙන්නේ.

මේ හේතුවෙන් වැඩ බිම් තුල ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතුයි.

නිවෙස් තුල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වීම ද අත්‍යවශ්‍ය වනවා.

කුඩා ළමුන් වාහන තුල තනියම රඳවා නොයන ලෙසට ද දැනුම් දී තිබෙනවා.

එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල රැඳෙන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එමෙන්ම ප්‍රමාණවත් ලෙසට ජලය පානය කළ යුතුයි. ඊට අමතරව සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසට ද දැනුම් දෙනවා.

දෘෂ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී අද දිනයේ දහවල් 12.11ට කිරන්චි කොකාවිල් සහ පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?