කිරිපිටි සොරකමේ ගිය පවුලක්ම අත්අඩංගුවට

උත්සව සමයේ වෙළඳසැල් හිමියන් නොමඟ යවමින් කිරිපිටි සොරකම් කළ එකම පවුලේ මව, දියණිය, පුතා සහ ලේලිය කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ දිනවල සුපිරි වෙළඳසැල්වල විශාල පාරිභෝගිකයින් පිරිසක් සිටින අවස්ථාවක එම වෙළඳසැල්වල හිමිකරුවන් සහ වෙළඳ සේවකයින් නොමඟ යවා සැකකරුවන් මෙම සොරකම් සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් කළුතර, මතුගම, අම්බලන්ගොඩ, කහතුඩුව, ගෝනපොල යන ප්‍රදේශවල පිහිටි සුපිරි වෙළඳසැල්වලින් ඉතා වටිනා කිරිපිටි සොරකම් කර ඇතැයි සඳහන්.

මෙම සොරකම සඳහා සැකකරුවන් ඔවුන්ගේ කුඩා දරුවන් තිදෙනෙකු ද යොදාගෙන වෙළඳ සැල්වල වටිනා කිරිපිටි වර්ග ඉතා සූක්ෂම ලෙස සොරකම් කර ඇතැයි හෙළිවී තිබෙනවා.

කුඩා දරුවන් සිටින කාන්තාවන් වෙළඳසැලට ඇතුල්වීමේ දී ඔවුන්ගේ බෑග් සමග භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම සාමාන්‍ය ක්‍රමයයි.

මෙම එකම පවුලේ කණ්ඩායම පිරිසක් වශයෙන් එම වෙළඳ සැල්වලට ඇතුළු වී එහි සවි කර ඇති ආවේක්ෂණ කැමරා (CCTV) මඟහරිමින් ඔවුන්ගේ බෑග තුළ හා එම කාන්තාවන් භාණ්ඩ සොරකම් කිරීමට සකසා ගත් විශේෂ යට ඇඳුම් භාවිතා කරමින් සොරකම සිදු කර තිබෙනවා.

ඔවුන්ගෙන් එක කාන්තාවක් භාණ්ඩ ප්‍රමාණයකට මුදල් ගෙවන අතර අනෙක් පිරිස මුදල් නොගෙවා පිටව යාම සිදු කර ඇතැයි සඳහන්.

ඔවුන්ගේම ත්‍රී රෝද රථයකින් එම පිරිස සොරකම සිදු කර ගමන් කරනු ලබන අතර මෙම සොරකම සිදු කරන ආකාරය වෙළඳසැල් කිහිපයක CCTV කැමරාවල සටහන් වී තිබෙනවා.

කළුතර අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිලි අනුව සිදු කළ විමර්ශනයකදී මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක CCTV කැමරා පරික්ෂා කර මෙම සොරකම සංවිධානාත්මකව සංවිධානය කළ ප්‍රධාන සැකකරු මතුගම මලබඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

සොරකම් සහ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණවලින් වරෙන්තු හයක් නිකුත් වී ඇති සැකකරු මලබඩ කුකුල් අන්ඩා නමින් හඳුන්වන පුද්ගලයෙක්.

ඔහු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වල දී එම පුද්ගලයාගේ මව, අනියම් බිරිඳ, සහෝදරිය මෙන්ම ත්‍රීරෝද රථයේ රියදුරු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කණ්ඩායම වෙනත් ප්‍රදේශයක මෙවැනි සොරකමක් සිදු කිරීම සඳහා ඔවුන්ගේ දරුවන් ද ත්‍රී රෝද රථයේ නංවාගෙන පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී යි මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ.

මෙම පිරිස පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වල දී දිවයිනේ විවිධ සුපිරි වෙළඳසැල්වලින් සොරකම් කළ රුපියල් එක් ලක්ෂ විසි දහසක් පමණ වටිනා කිරිපිටි ටින් 30ක් අලුබෝමුල්ල නිවසේ සඟවා තිබියදී පොලිසිය සොයා ගෙන තිබෙනවා.

යතුරු පැදි හිස් වැසුම් දෙකක් සහ මෙම සොරකම සඳහා භාවිතා කළ තිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇති අතර සැකකරුවන් අද පානදුර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56