මග දමා ගිය බිළිඳෙක් හමුවෙයි

ඇලකන්ද මාර්ගයේ උස්වැටකෙයියාව කට්ටියවල ප්‍රදේශයේ දමා ගොස් සිටි මාස 3ක් පමණ වන බිළිඳියක් සොයාගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී 9 ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව බිළිඳා සොයාගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් බිළිඳිය රාගම රෝහලට ඇතුලත් කර ඇති අතර ඇය මේවන විට රෝහලේ දෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

බිළිඳා දමා ගියේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වි නොමැති අතර දෙමව්පියන් සොයා පමුණුගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?