රාවණා ඇල්ල රක්ෂිතයේ විශාල ගින්නක් ඇතිවෙලා..!

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාවණාදිය ඇල්ල ජල පෝෂක ප්‍රදේශයවන රාවණා ඇල්ල රක්ෂිතයේ ඊයේ (5) පස්වරුවේ සිට විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න ඊයේ රාත්‍රි පුරා රක්ෂිතයේ වේගයෙන් පැතිර ගිය අතර එම නිසා මේ වන විට රක්ෂිතයේ අක්කර සියකට වඩා සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශවී ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

අධික බෑවුම් සහ ගල්පර්වත විශාල ප්‍රමාණයක් ඇති මෙම රක්ෂිතයේ ගින්න පාලනය කිරීම මේ වන විට දැඩි අසීරු කටයුත්තක් බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකය සදහන් කර සිටිනවා.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උදය කුමාර සදහන් කලේ මේ වන විට ගින්න මැඩපැවැත්වීම සදහා යුද හමුදාව,පොලිසිය,වනජීවි නිලධාරීන්, වනසංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් යොදවා ඇති බවයි.

ගින්න අද (6) උදෑසන වන විටත් රක්ෂිතයේ වේගයෙන් පැතිර යමින් පවතින අතර මෙම රක්ෂිතය ශ්‍රී ලංකාවට ආවේණික වනසතුන්, පක්ෂීන් සහ සමනලුන් රැසක්ම ජීවිත් වන සංවේදී පරිසර පද්දතියක් වනවා.

ගින්න පාලනය කර ගැනීම සඳහා අද දිනයේ ගුවන් හමුදාවේ සහය ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවයි බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරී අතුල ද සිල්වා ප්‍රකාශ කර සිටියේ.

Forest Fire in Rawana falls area


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12