අවුරුදු නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ඇරඹෙයි (වීඩියෝ)

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සහ දීර්ඝ නිවාඩු සමය හේතුවෙන් ලබන 17 වනදා දක්වා විශේෂ දුම්රිය ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

සාමාන්‍ය දුර ගමන් දුම්රිය සේවාවන්ට අමතරව මෙම විශේෂ දුම්රිය ධාවනය කරන බවයි ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉන්දික ඉඳිපොලගේ පැවසුවේ.

ඒ අනුව කොළඹ කොටුව – බදුල්ල, කොළඹ කොටුව – ගාල්ල, මරදාන – බෙලිඅත්ත, අනුරාධපුර – බෙලිඅත්ත අතර එම දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

පෙරවරු 06.30 ට සහ රාත්‍රී 07.30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය දෙකක් 16 වනදා දක්වා ධාවනය කෙරෙනවා.

බදුල්ලෙන් කොළඹ කොටුව දක්වා දෛනිකව විශේෂ දුම්රිය දෙකක් ධාවනය කෙරෙන්නේ පෙරවරු 07ට සහ පස්වරු 05.20ටයි.

කොළඹ කොටුවේ සිට රාත්‍රී 07.20 ට ගාල්ල දක්වා දුම්රියක් ලබන 15 සහ 16 යන දෙදින ධාවනය කෙරෙනවා.

ගාල්ලේ සිට කොළඹ දක්වා පෙරවරු 06.10 ට ලබන 16 සහ 17 යන දෙදින විශේෂ දුම්රියක් ධාවනය කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මරදානෙන් පෙරවරු 06.05 ට හෙට දිනයේ විශේෂ දුම්රියක් බෙලිඅත්ත බලා ධාවනය කෙරෙන අතර අනුරාධපුරයෙන් මධ්‍යහ්න 12.30 ට බෙලිඅත්ත බලා දුම්රියක් ධාවනය කෙරෙන්නේ ලබන 09 සහ 16 වන දෙදිනයි.

මේ අතර හෙට (06) පස්වරු 03.30 ට බෙලිඅත්තේ සිට මරදාන දක්වා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිතව තිබෙනවා.

ඊට අමතරව ලබන 08 වනදා සහ 15 වනදා පෙරවරු 07.30 ට බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රියක් ධාවනය කරන බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉන්දික ඉඳිපොලගේ වැඩිදුරටත් පැවසුවේ.

https://www.youtube.com/watch?v=Pq7gIQaKQyY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12