‘ආටිමිස් 02’ චන්ද්‍ර මෙහෙයුමට හඳට යන පිරිස මෙන්න

2024 වසරේ දී නාසා ආයතන විසින් ‘ආටිමිස් 02’ චන්ද්‍ර මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, අනුව එම මෙහෙයුම සඳහා එක්ව ගඟනගාමීන් මුල්වරට හඳුන්වාදීමට නසා ආයතනය පසුගිය දා කටයුතු කළා.

‘ආටිමිස් 02’ චන්ද්‍ර මෙහෙයුම සඳහා ගඟනගාමීන් සිව්දෙනෙක් එක්වන අතර, එම පිරිසට කාන්තාවක් ද ඇතුළත්.

ක්‍රිස්ටිනා හැමෝක් කොෂ්, රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර් සහ ජෙරමි හැන්සන් එම ගඟනගාමීන් හතරදෙනායි.

මෙම මෙහෙයුමේ නියමුවා ලෙස වික්ටර් ග්ලෝවර් කටයුතු කරන අතර, කළු ජාතිකයෙක් වන ඔහු චන්ද්‍ර මෙහෙයුමකට එක් වන පළමු කළු ජාතික ගඟනගාමියා ලෙසට ඉතිහාස ගතවනවා.

රීඩ් වයිස්මන් ‘ආටිමිස් 02’ මෙහෙයුමට නායකත්වය ලබාදෙන අතර, කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරමින් ජෙරමි හැන්සන් මේ සඳහා එක්ව සිටිනවා.

යළි සඳ ගවේෂණය කිරීම, සඳේ ජනාවාස පිහිටුවීමට ඇති හැකියාව සොයා බැලීම වෙනුවෙන් නාසා ආයතනය ‘ආටිමිස්’ මෙහෙයුම් මාලාව ආරම්භ කරනු ලැබුවා.

එම මෙහෙයුම් මාලාවේ දෙවැන්න ‘ආටිමිස් 2’ ලෙස මෙලෙස නම්කර ඇති අතර, මෙම මෙහෙයුමේ ගඟනගාමීන් සඳට මතට ගෙන යාම සහ ආපසු ගෙන්වා ගැනීම සිදුකරන්නේ ‘ඔරායන්’ යානය මඟින්.

‘ආටිමිස් 02’ චන්ද්‍ර මෙහෙයුම දින 10ක මෙහෙයුමක් ලෙසටයි සැළසුම්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16