‘ආටිමිස් 02’ චන්ද්‍ර මෙහෙයුමට හඳට යන පිරිස මෙන්න

2024 වසරේ දී නාසා ආයතන විසින් ‘ආටිමිස් 02’ චන්ද්‍ර මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, අනුව එම මෙහෙයුම සඳහා එක්ව ගඟනගාමීන් මුල්වරට හඳුන්වාදීමට නසා ආයතනය පසුගිය දා කටයුතු කළා.

‘ආටිමිස් 02’ චන්ද්‍ර මෙහෙයුම සඳහා ගඟනගාමීන් සිව්දෙනෙක් එක්වන අතර, එම පිරිසට කාන්තාවක් ද ඇතුළත්.

ක්‍රිස්ටිනා හැමෝක් කොෂ්, රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර් සහ ජෙරමි හැන්සන් එම ගඟනගාමීන් හතරදෙනායි.

මෙම මෙහෙයුමේ නියමුවා ලෙස වික්ටර් ග්ලෝවර් කටයුතු කරන අතර, කළු ජාතිකයෙක් වන ඔහු චන්ද්‍ර මෙහෙයුමකට එක් වන පළමු කළු ජාතික ගඟනගාමියා ලෙසට ඉතිහාස ගතවනවා.

රීඩ් වයිස්මන් ‘ආටිමිස් 02’ මෙහෙයුමට නායකත්වය ලබාදෙන අතර, කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරමින් ජෙරමි හැන්සන් මේ සඳහා එක්ව සිටිනවා.

යළි සඳ ගවේෂණය කිරීම, සඳේ ජනාවාස පිහිටුවීමට ඇති හැකියාව සොයා බැලීම වෙනුවෙන් නාසා ආයතනය ‘ආටිමිස්’ මෙහෙයුම් මාලාව ආරම්භ කරනු ලැබුවා.

එම මෙහෙයුම් මාලාවේ දෙවැන්න ‘ආටිමිස් 2’ ලෙස මෙලෙස නම්කර ඇති අතර, මෙම මෙහෙයුමේ ගඟනගාමීන් සඳට මතට ගෙන යාම සහ ආපසු ගෙන්වා ගැනීම සිදුකරන්නේ ‘ඔරායන්’ යානය මඟින්.

‘ආටිමිස් 02’ චන්ද්‍ර මෙහෙයුම දින 10ක මෙහෙයුමක් ලෙසටයි සැළසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?