AFC Banner
Empty Ad
Empty Ad

වැසි ඉල්ලා සර්ව ආගමික නායකයින් මාවුස්සාකැලේ ජලාශයේ ආගමික වතාවත්වල (ඡායාරූප)

ජාතික විදුලිබල පද්ධතියට විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවලට වැසි ලැබෙන ලෙසට ප්‍රාර්ථනා කරමින් මස්කෙළිය ප්‍රදේශයේ සර්ව ආගමික නායකයින්වු මාවුස්සාකැලේ ජලාශයේ විශේෂ ආගමික වතාවත් රැසක් සිදු කරනු ලැබුවා.

මාවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි යට වූ පැරණි මස්කෙළිය නගරයේ පන්සල, කෝවිල සහ පල්ලිය මේ වන විට මතු වී ඇති අතර, එසේ මතු වු ආගමික ස්ථාන අභියසදී යි මෙලෙස ආගමික වතාවත් සිදු කෙරුණේ.

මස්කෙළිය සහ නල්ලතන්නිය පොලිස් ස්ථානවල නිලධාරීන්, මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්, කැනියොන් ජල විදුලි බලාගාරයේ ඉංජිනේරුවන් සහ සේවකයින්, මාවුස්සාකැලේ ජලාශ වේල්ලේ ආරක්ෂක නිලධාරීන් එක්ව මෙම ආගමික වතාවත් සිදු කළ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

ආගමික වතාවත්වලින් අනතුරුව ජලාශයට වැඩම කළ සර්ව ආගමික නායකයින්ට දානය පිළිගැන්වීමට ද මෙම ආගමික වතාවත් සංවිධානය කළ පිරිස සැලසුම් කර තිබුණා.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම 50%ක් පමණ පහළ බැස ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?