වැසි ඉල්ලා සර්ව ආගමික නායකයින් මාවුස්සාකැලේ ජලාශයේ ආගමික වතාවත්වල (ඡායාරූප)

ජාතික විදුලිබල පද්ධතියට විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවලට වැසි ලැබෙන ලෙසට ප්‍රාර්ථනා කරමින් මස්කෙළිය ප්‍රදේශයේ සර්ව ආගමික නායකයින්වු මාවුස්සාකැලේ ජලාශයේ විශේෂ ආගමික වතාවත් රැසක් සිදු කරනු ලැබුවා.

මාවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි යට වූ පැරණි මස්කෙළිය නගරයේ පන්සල, කෝවිල සහ පල්ලිය මේ වන විට මතු වී ඇති අතර, එසේ මතු වු ආගමික ස්ථාන අභියසදී යි මෙලෙස ආගමික වතාවත් සිදු කෙරුණේ.

මස්කෙළිය සහ නල්ලතන්නිය පොලිස් ස්ථානවල නිලධාරීන්, මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්, කැනියොන් ජල විදුලි බලාගාරයේ ඉංජිනේරුවන් සහ සේවකයින්, මාවුස්සාකැලේ ජලාශ වේල්ලේ ආරක්ෂක නිලධාරීන් එක්ව මෙම ආගමික වතාවත් සිදු කළ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

ආගමික වතාවත්වලින් අනතුරුව ජලාශයට වැඩම කළ සර්ව ආගමික නායකයින්ට දානය පිළිගැන්වීමට ද මෙම ආගමික වතාවත් සංවිධානය කළ පිරිස සැලසුම් කර තිබුණා.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම 50%ක් පමණ පහළ බැස ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59