AFC Banner
Empty Ad
Empty Ad

එන්නත ලබා ගත් ගම්පහ දෙන්නෙක් මියගියේ එන්නත නිසාද?

කොරෝනා මර්දන එන්නත එන්නත් කිරිමෙන් පසු දින දෙකකට පසුවත් උණ තත්වයන් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවත් එන්නත ලබාගැනීමෙන් පසු කිසිවෙකු මියගිය බවට මෙතෙක් තහවුරු වී නොමැති බවත් මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ “සාමාන්‍යයෙන් දවස් 2ක් ඇතුළත මේ උණ අඩු වෙනවා. ඉන් පසුවත් උණ තිබුණොත් ඒක නොසලකා හරින්න එපා. හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. මොකද ඒකට හේතුව ඩෙංගු රෝගය වෙන්න බැරිකමක් නෑ.”

එන්නත් ලබා ගැනීමකින් අනතුරුව ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට පළවන වාර්තා ගැන එතුමන් මෙසේද අදහස් දැක්විය.

“මේ අයගේ මරණය සිදුවුණේ එන්නත නිසා ද කියලා අපි විමර්ශනය කරගෙන යනවා. එන්නතක් ලබාදුන්නාට පසු ඇතිවන්න පුළුවන් අතුරු ආබාධ සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් ක්‍රමවේද තියෙනවා, ඒවා විමර්ශනය කරන්න. ඒ අනුව තොරතුරු ඉදිරිපත් කරන්න අපිට හැකිවේවි. එතෙක් අපිට කියන්න පුළුවන් වන්නේ එන්නත දීම නිසා සිදුවූ මරණයක් නෙමෙයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?